රුසියාවේ මොස්කව් නුවර සංචාරයක යෙදෙන ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඊයේ (14) එරට ජනපති ව්ලැඩිමීර් පුටින් හමුවී සිරියානු අර්බුදය සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡා පැවැත්වීය.
ඇමෙරිකාවේ හිතවතා වන ඊශ‍්‍රායලය සිරියානු කැරැලිකරුවන්ට සහාය දෙයි. රුසියාව සහාය දෙන්නේ සිරියානු රජයටය. සිරියානු අර්බුදය විසඳීමට නොහැකි වී ඇත්තේ ලෝකය බල කඳවුරු දෙකකට වෙන් වී සිටීම නිසාය.
සිරියානු අර්බුදය විසඳීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ද මොස්කව් නුවරදී පසුගියදා ජනපති පුටින් හමුවී සාකච්ඡුා පැවැත්වූහ.
ඉකුත් සතියේ ඊශ‍්‍රායලය, සිරියාවේ ස්ථාන කිහිපයකට ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ජනපති පුටින් ඊශ‍්‍රායල අගමැතිගෙන් කරුණු විමසීය. ඊශ‍්‍රායලය එල්ල කළ එම ගුවන් ප‍්‍රහාරයට ඇමෙරිකාවේ ද අනුමැතිය හිමිවිය.
ඊශ‍්‍රායලය කියා සිටියේ ඔවුන් එම ප‍්‍රහාරය එල්ල කළේ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට සිරියානු රජයෙන් ආයුධ ලබා දීම වැළැක්වීමට කියාය.
සිරියානු ජනපති අසාද්ගේ රජය කැරැලිකරුවන්ට රසායනික අවි යොදාගෙන පහර දෙනවා යැයි චෝදනා කරමින්, එය නිමිත්තක් කර ගෙන සිරියාවට හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමට ඇමෙරිකාව සූදානම් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තම තියන හෙනේ.රුසියාවත් කරන්නේ යුධ වෙළදාම ඇමරිකාවත් කරන්නේ යුධ වෙළදාම. මේ අය සල්ලි දීලා බඩු අරන් ආගමට මරාගන්නවා.ගිය අවුරුද්දේ ඇමරිකාව 26%,රුසියාව 24% යුද වෙළදාම ලෝකේ කරලා. වෙලාවකට හිතෙනවා බුද්ධාගමත් බොරු කියලා මෙයාලා යහතින් ඉන්න හැටි දැක්කම. (නි)
ජනපති පුටින්, ඔබ ඔය බළල් අත අඹරා දමා, පුලුවන් නම් ගහපන් කියා පලවා හරින්න. (නි)
හිට්ලර් කල ඵෙතිහාසික වරදක් වේ නම් ඔහු මැරිය යුතුව තිබුනේ ඊශ්‍රායල්කාරයින් නොව අද ලොවටම පිළිකාවක්ව ඇති අන්තවාදී මුසල්මානුවන්ය. (නි)
රානි,බුදුගුණ බලය මේ මුළුමහත් ලෝකයේ ඒකාන්ත සත්‍ය දෙයක්. අවරුදු 5000 ක් ගිය කල බුදු දහම පිරිහෙනවා කියන්නේ සත්‍ය යටපත් වෙලා බොරුව මුලාව අසත්‍යයෙන් අන්ධකාරයෙන් ලෝකය ආයෙත් නොමග යන්ඩ පටන් ගැනීම. නමුත් බුද්ධ ධර්මය අකාලිකයි. මේ අසංකෙයිය හතරකුත් කල්ප ලක්ෂයක් මුළුල්ලේ පුරුදු කරපු පාරමී ගුණ නුවනක් එක්ක මේ අවුරුදු දහයක් පහලවක දැනීමක් ඇති ඔයාල වගේ අය හැප්පෙන එක බරපතලයි.(නදී)
දෙගොල්ලම එකයි. මිනි මරගන්නවට දෙගොල්ලම කැමැතියි (නි)
වැරදි වැඩ කරන අයට ඇස් පනාපිට හෙන වැදිලා ඔප්පු නොවෙනවා නම් ඒ න්‍යායෙන් ඇති පලේ කිම සදරුවන්.මොකෝ මේ බවයේදී කළ දේට තැපෑලෙන් පස්සේ බවයකදී වැදිලා වැඩක් නැහැ. මොකෝ අගතියට පත් වුණ පාර්ශවේ දැනගන්න විදියක් නැහැනේ. (නි)
මෙහෙමනේ රානි යුද අවි කියන ඒවා පේමන්ට් එකේ වෙළෙන්දෝ වගේ බලෙන් ඇගේ ගහන්නේ නැහැ. මේවා ඉල්ලගන්න ඒවා. අනික නිෂ්පාදකයෝ නොදුන්නොත් කරන්නේ තුන්වෙනි පාර්ශවයක් හරහා ගන්න එක. මෝඩයෝ ඉන්න තාක් තුරාවට ලොකු රටවලට හොදයි.(නදී)
මේ වසරේ වැඩිම යුද අවි ප්‍රමාණයක් මිලට අරන් ඇත්තේ ඉන්දියාව. ඒ ඇයි. බලකාමේ. රට දියුණු වෙද්දී දුප්පත් ජනයට සලකනවා පසෙකලා කරන්නේ අනවශ්‍ය වැඩ. හදට යනවා රටේ වැසිකිලි නැහැ. ඒකට බලන්න සිංගප්පුරුව, මොනාකෝ, ඔස්ට්‍රියාව(ඔස්ට්‍රේලියාව නොව) නවසීලන්තේ වගේ රටවල් ආදර්ශමත්.(නදී)
මුරුගන්, වැරදි කරන අයට ඇස් පනාපිට හෙන වදිනවා බලාගන්න නම් ශ්‍රීලංකා යුධ හමුදාවේ ක්‍රියාකලාපය සිහිකරගන්න. මිනීමරු කොටි ත්‍රස්තවාදීන්ට එලව එලවා ගැහුවේ ඇස්පනාපිට නේන්නම්. ඒ කාලේ ඔයා කොහෙද හැංගිලා හිටියේ. ඕවට තමා කියන්නේ සිංහ නාද බලු කෙඳිරිලි කියලා. අද ඉඳන් ඔබ ශ්‍රීලංකා යුධ හමුදාවේ න්‍යාය අදහන්න පටන් ගන්න. තෙරුවන් සරණයි.(නදී)
මුරුගන්,ශ්‍රීලංකා යුධ හමුදාව මිනීමරු කොටි ත්‍රස්තවාදීන්ට ඇස් පනාපිට ගැහුවා.තැපෑලෙන් නෙමෙයි අධිවේගී මිග්,කෆීර් යානා වලින්.අගතියට පත් අපිත් දැක්කා කොටි කන කෑම. ප්‍රභාකරන් මැරුණ දවසේ මමත් කිරිබත් කෑවා.ඒ කියන්නේ ඔබට හරියන්නේ ශ්‍රී ලංකා යුධ හමුදා න්‍යාය.බුදුබණ හරියන්නේ නැහැ. (නි)
සදරුවන්, අන්න හරි දෙයක් කිවුවා. මාත් දෙමල වුණාට කොටි විරෝධයි.වාද බේදා ඉවතලා ත්‍රස්තවාදෙට එරෙහිව එකට හිටගන්න.ඊනියා ඇමරිකන් විරෝධී වෙලා ලංකාවේ අයට අඩහැර තියන්නේ නැතුව.කඩේ යන්න ලිබරල්වාදෙට. ප්‍රජාතන්ත්‍රවාදෙට,සමානාත්මතාවෙට (නි)
මුරුගන්, අමෙරිකාවත් එක්තරා ත්‍රස්තවාදයක්, සෞදි අරාබියාව ආගමික ත්‍රස්තවාදයක්. ලෝකය පුරා ත්‍රස්තවාදය වපුරන්නේ මේ රටවල් දෙක. බුද්දිමතුන් ඒක දන්නවා. ඔයාල වගේ කැලා නීතිවලට හුරුවෙච්ච අයට මේවා තේරුම් ගන්න අමාරුයි.(නදී)
සිරියාව, ලිබියාව,ඊජිප්තුව , ඇෆ්ගනිස්ථානය මේ හැම රටකටම උන දෙය හොදට හිතල බලන්න. රට ඇතුලත බෙදීම් වැඩි වෙන තරමට , එකමුතු කමක් නැති තරමට එයින් වාසි ලබා ගන්නේ ඔය බලවත් රටවල්. අපි බෙදුනෝත් අපි ඉවරයි. ඇමෙරිකාවේ කොච්චර ප්‍රශ්න තියෙනවද? බෙදීම් තියෙනවද? ඒත් ඒ හැමෝම රට වෙනුවෙන් එකමුතු වෙනවා. මේ එකමුතු කම රකින්නේ ඒ රටවල මාධ්‍ය වන රූපවාහිණී සහ පුවත් පත්. අපේ වෙන්නේ එකේ අනෙක් පැත්ත. (නදී)
මුරුගන් , සදරුවන් බෙදී සිටියහොත් රට යයි සුන් වී එක්ව සිටිය හොත් මෙය වෙයි ලෝකෙන් උතුම් රට .සිංහල, දෙමල, මුස්ලිම් අපි එකට එක්වෙමු මේ අපේ රටයි.(නදී)