IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඊජිප්තුවේ ජනමත විචාරණයක්

මතභේදයට තුඩු දී ඇති ඊජිප්තුවේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට තමා තීරණය කළ බව එරට ජනපති මොහොමඞ් මොර්සි ඊයේ(2) ප‍්‍රකාශ කළේය. ඒ අනුව ජනමත චිචාරණය එළඹෙන 15 දා පැවැත්වීමට නියමිතය. එහිදී ජනාධිපති මොර්ස් පසුගියදා තමා වෙත පවරාගත් අසීමිත බලතල පිළිබඳව ජනතා අදහස් විමසනු ඇත. ජනපති මොර්සි ඉකුත් මාසයේදී විපක්ෂ විරෝධතා මැද අධිකරණය අභිබවා තමන්ට තීරණ ගැනීමේ හැකියාව ලබාදෙන විශේෂ බලතල තමන් යටතට පවරා ගත්තේය. අනතුරුව ඊට අදාළව ව්‍යවස්ථාවක් ද කෙටුම්පත් කෙරුණු අතර එය සම්මත කර ගැනීමට එරට රජය කටයුතු කරමින් සිටී. ජනපති මොර්සි ගත් කි‍්‍රයාමාර්ගයට විරෝධය පළ කරමින් දහස් ගණන් විපක්ෂ කි‍්‍රයාකාරීන් ඉකුත් සිකුරාදා කයිරෝ අගනුවර තහීර් චතුරස‍්‍රයට රැුස්ව විරෝධතා පෙළපාළි ගිය අතර පොලිසිය යොදවා එම පිරිස් මර්දනය කිරීමට එරට රජය කි‍්‍රයා කළේය. ඊට ප‍්‍රතිචාර දක්වමින් ජනපති මොර්සිගේ ආධාරකරුවෝ දහස් ගණනක් ඊයේ(2) කයිරෝ නුවරට රැස්ව තම නායකයාට සහාය පළ කරමින් පෙළපාළි ගියහ. මේ අතර ජනාධිපතිවරයාගේ බලතල පවරා ගැනීමට විරෝධය පළ කරමින් එරට නීතීඥවරුන් ද පසුගිය සතියේ වැඩවර්ජනයක නිරත වූහ. විනිසුරුවරුන් එක හඬින් කියා සිටින්නට වූයේ ජනපති මොර්සිගේ නව රජය බලයෙන් ඉවත් විය යුතුයි කියාය. ඉකුත් වසරේදී දිගු කලක් ඊජිප්තුව පාලනය කළ ජනපති හොස්නි මුබාරක්ගේ පාලනය පෙරළා දැමීමට කටයුතු කළේද වත්මන් ජනපති මොර්සි ප‍්‍රමුඛ මුස්ලිම් සහෝදරත්ව පක්ෂයයි. කයිරෝ නුවරට රැස් වූ ජනපති මොර්සිගේ ආධාරකරුවෝ.......



අදහස් (0)

ඊජිප්තුවේ ජනමත විචාරණයක්

අජිත් Monday, 03 December 2012 12:33 PM

ඒකත අපේ වගේද දන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site