IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ඊජිප්තුවේ ජනපති පුටුවට අපේක්ෂකයෝ 13 ක් තරග බිමේ

ඊජිප්තු ජනාධිපතිවරණය ඊයේ (23‍‍‍‍‍‍‍‍)  ආරම්භ වූ අතර ජනපති ධුරය වෙනුවෙන් අපේකෂකයෝ 13 දෙනෙක් තරග වදිති. ජනපතිවරණ කටයුතු ඊයේ උදෑසන අටට ආරම්භ විය. උදෑසන සිටම ඊජිප්තු වැසියන් ඡුන්දපොළවල පෝලිම් ගැසී සිටිනු දකින්න ලැබුණු බව මාධ්‍ය වාර්තා කළේය. ඡුන්ද පොළවලට විශේෂ හමුදා සහ පොලිස් ආරක්ෂාවක් ද යොදා තිබුණි. ජනපතිවරණය අද (24)  දිනය පුරාත් පැවැත්වේ. රට පුරා ඡුන්ද මධ්‍යස්ථාන 13,000 ක් කි‍්‍රයාත්මක වේ. මිලියන 50 කට වැඩි පිරිසකට ඡුන්දය ප‍්‍රකාශ කිරීමට වරම් හිමි වී තිබේ. මෙම ජනපතිවරණය පැවැත්වෙන්නේ අරාබි වසන්තය හරහා මතු වූ ජනතා විරෝධය හමුවේ වසර 30 ක් තිස්සේ ඊජිප්තුවේ පාලකයාව සිටි ජනපති හොස්නි මුබාරක් ධුරයෙන් සමුගැනීමෙන් පසුවය. එම නිසා මෙම ජනපතිවරණය ඊජිප්තු වැසියන්ට ඓතිහාසික ඡන්ද විමසීමකි. ජනපති ධුරයෙන් ඉවත් වෙද්දී මුබාරක් හමුදා පාලක මණ්ඩලයකට බලය පවරා දුන්නේය. වසරකට වැඩි කාලයක් තිස්සේ ඊජිප්තුවේ පාලන කටයුතු සිදු කළේ එම හමුදා පාලක මණ්ඩලයයි. ඔවුන් පාලන බලය අතට ගත්තේ කඩිනමින් මැතිවරණයක් සහ ජනපතිවරණයක් පවත්වන බව පවසමිනි. එහෙත් එය දිනෙන් දින ප‍්‍රමාද වෙද්දී ඊජිප්තු වැසියෝ යළිත් වරක් කයිරෝ ඇතුළු ඊජිප්තුවේ ප‍්‍රධාන නගර රැසක විරෝධතා පවත්වන්නට වූහ. කෙසේ හෝ අවසානයේදී ජනපතිවරණය පැවැත්වීමට ඊයේ දිනය නියම කෙරුණි. ජනපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්් 13 දෙනා අතරින් සිවු දෙනෙක් ඉදිරියෙන් සිටිති. හිටපු ඊජිප්තු විදේශ ඇමැති මෙන්ම අරාබි ලීගයේ ප‍්‍රධානියා ද වන අම්ර් මූසා ඉන් එක් අයෙකි. ඔහු මෙන්ම තවත් අපේක්ෂකයකු වන අහ්මඞ් ෂෆීක් ද පරිණත දේශපාලනඥයෙකි. මොවුන් දෙදෙනාම හිටපු ජනපති මුබාරක්ගේ රජයට සම්බන්ධ වූවෝ වෙති. අහ්මඞ් ෂෆීක් මුබාරක්ගේ රජයේ අගමැතිවරයෙකි. ඊජිප්තු වැසියන් බහුතරයකගේ විශ්වාසය දිනා ගැනීමට සමත් ව සිටින ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂය නියෝජනය කරන්නේ මොහොමඩ් මුර්සිය. ඔහුට අභියෝගයක් වී ඇත්තේ ‘ඉස්ලාම් ව්‍යාපාරය’ නමැති දේශපාලන පක්ෂයේ නායක අබ්දෙල් මොනෙයිම් අබොයුල් ෆෝටාගෙනි. ජනපතිවරණයට පෙර අදියර කිහිපයකදී මාස කිහිපයක් පුරා පැවැති අතුරු මැතිවරණවලදී ජයග‍්‍රහණය කළේ ද ඊජිප්තුවේ ඉස්ලාමීය දේශපාලන පක්ෂයි.



අදහස් (0)

ඊජිප්තුවේ ජනපති පුටුවට අපේක්ෂකයෝ 13 ක් තරග බිමේ

තරිදු Thursday, 24 May 2012 07:19 PM

බලන්නකෝ අපේක්ෂකයන්ගේ උගත්කම් හා ප්‍රවීණත්වය.ලංකාවේ වගේ නෙවිනේ

:       0       0

අබුඩාබි කොල්ලා Friday, 25 May 2012 11:39 AM

ඔය ලෝකෙටම කැ ගැහුවට මොකද කරන තරමක් කරන්නේ ජරා වැඩ.කවදා හරි මම හිරේ යන්නේ මේ රටේ එකෙක්ව මරලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1924 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1533 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site