ඊජිප්තුවේ කොප්ටික් කි‍්‍රස්තියානි ජනයා සහ මුස්ලිම් ජනයා අතර පෙරේදා (9) කයිරෝ අගනුවර දරුණු ගැටුමක් හටගත් අතර එහිදී පුද්ගලයෝ 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. දෙසීය දෙනෙක් තුවාල ලැබූහ.
ගැටුම හටගත්තේ මීට දින කිහිපයකට පෙර කොප්ටික් කි‍්‍රස්තියානි පල්ලියකට මුස්ලිම් ජනයා එල්ල කළ ප‍්‍රහාරයක් හේතු කොටගෙන යැයි ඊජිප්තුවේ පාලනය බාරගෙන සිටින ‘හමුදා මණ්ඩලය’ පවසයි.
එම ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් කි‍්‍රස්තියානි ජනයා, පෙරේදා සවස ඊජිප්තු රජයේ රූපවාහිනී ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් සිටියදී මුස්ලිම් වැසියෝ පිරිසක් එහි කඩා වැදුණහ. එහිදී බහින් බස් වීමක් සිදුවූ අතර දෙපිරිස අතර ගැටුම් හට ගත් බව මාධ්‍ය වාර්තා කරයි.
ගැටුමට සම්බන්ධ වූ පිරිස් කලහකාරීව හැසිරෙමින් අසල්වැසි ගොඩනැගිලිවලට සහ රථ වාහනවලට පහර දීමට පටන් ගැනීමත් සමඟ තත්ත්වය සමථයකට පත් කිරීමේ අරමුණින් පොලිස් සහ හමුදා භටයන් 1,000 ක් යෙදවීමට ඊජිප්තු පාලක හමුදා මණ්ඩලය පියවර ගත්තේය.
ගැටුම සමථයකට පත් කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් ද මුස්ලිම් වැසියන් සමඟ එක්වී තමන්ට පහර දුන්නැයි කොප්ටික් කි‍්‍රස්තියානි ජනයා චෝදනා කරති.
කෝපයට පත් පිරිස් පොලිස් නිලධාරීන්ට පහර දී ඔවුන්ගේ වාහනවලට ගිනි තැබූ බව වාර්තා වේ. එහිදී පොලිස් නිලධාරීහු නව දෙනෙක් තුවාල ලැබූහ.
ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වීම නිසා පෙරේදා රාති‍්‍රයේ කයිරෝ නුවරට ඇඳිරි නීතිය පැනැවීමට ද ඊජිප්තු පාලක හමුදා මණ්ඩලය කටයුතු කළේය.
විදෙස් පුවත් සේවා වාර්තා කළේ කයිරෝ අගනුවර එකම යුද පිටියක් බවට පරිවර්තනය වී තිබුණු බවය. වසර හතළිස් දෙකක් තිස්සේ බලයේ රැඳී සිටි ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක්ට එරෙහිව ඉකුත් ජනවාරි මාසයේ ඇරැඹි ගැටුම් සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් පසු ඊජිප්තුවේ හට ගත් දරුණුතම ගැටුම මෙය ලෙස මාධ්‍ය වාර්තා කරයි.
මුස්ලිම් බහුතරයක් ජීවත් වන ඊජිප්තුවේ කොප්ටික් කි‍්‍රස්තියානි ජනයා සියයට 10 ක් පමණි. හටගත් ගැටුම සම්බන්ධයෙන් කයිරෝ නුවර කොප්ටික් කි‍්‍රස්තියානි සහ මුස්ලිම් නායකයන් අතරේ ඊයේ (10) සාකච්ඡාවක් ද පැවැත්විණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඊජිප්තුවේ කයිරෝ අගනුවර ආගමික ගැටුම්: 24 ක් මරුට