ඊජිප්තු නව ජනාධිපති මොහොමඞ් මොර්සි එරට ආරක්ෂක අංශවල වෙනස්කම් රැුසක් සිදු කිරීමට පියවර ගෙන ඇති අතර එරට පාලන බලය පැවැරී තිබෙන හමුදා පාලක මණ්ඩලයේ බලතල ඒ අනුව පෙරේදා (12) කප්පාදුවට ලක් විය.
හමුදාවේ ප‍්‍රධානතම ජනරාල්වරුන් විශ‍්‍රාම යැවීමත් ඔවුන්ගේ ධුර වෙනස් කිරීමත්, හමුදා ආඥාවේ නව වෙනසක් ඇති කිරීමත් ඊජිප්තු ජනපතිවරයාගේ අරමුණ විය.
හමුදා පාලක මණ්ඩලයකට ඊජිප්තුවේ බලය පැවැරුණේ ජනතා විරෝධය හමුවේ හොස්නි මුබාරක් බලයෙන් ඉවත් වූ අවස්ථාවේදීය. හමුදා නායකයන්ට බලය පවරා දුන්නේ ද මුබාරක්ය.
ඉකුත් ජූනි මාසයේ පැවැති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනාධිපතිවරණයෙන් මුස්ලිම් සහෝදරත්වය නමැති දේශපාලන පක්ෂය නියෝජනය කළ මොර්සි ජයග‍්‍රහණය කර නව රජයක් පිහිටුවූ අවස්ථාවේදී පවා එම හමුදා පාලක මණ්ඩලයේ හමුදා නායකයෝ බලය අත්හැරීම ප‍්‍රතික්ෂේප කළහ.
එම අවස්ථාවේදී හමුදා පාලක මණ්ඩලය සහ ජනපති මොර්සි අතර අර්බුදයක් හට ගත් නමුත් දීර්ඝ සාකච්ඡුාවලින් පසු එය විසඳා ගැනීමට දෙපාර්ශ්වයටම හැකිවිය.
හමුදා පාලක මණ්ඩලයේ ප‍්‍රධානියා වූයේ 76 හැවිරිදි හමුදා මාෂල්වරයකු වන හුසේන් ටන්ටාවීය. හමුදා පාලක මණ්ඩලයේ මාණ්ඩලික ප‍්‍රධානියා වූයේ සැමී එනාන්ය. ජනපති මොර්සිගේ තීරණය අනුව මොවුන් දෙදෙනාගේ බලතල වෙනස් වේ.
හොස්නි මුබාරක් පාලනය අවසන් වීමෙන් පසුව ද ඊජිප්තුවේ ගැටුම් ඇතිවිය. ඊට හේතු වූයේ හමුදා පාලක මණ්ඩලය ගත් තීරණයි. එම නිසා ඊජිප්තුවේ නව දේශපාලන පෙරැුළියක් සිදු කරමින් හමුදා පාලක මණ්ඩලයේ බලතල කප්පාදු කිරීමට ජනපති මොර්සි ගත් තීරණය ප‍්‍රසංශනීය යැයි දේශපාලන විශ්ලෝෂකයෝ පෙන්වා දෙති.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඊජිප්තු නව ජනපති හමුදා පාලක මණ්ඩලයේ බලතල කප්පාදු කරයි
මදුෂා Tuesday, 14 August 2012 12:17 PM
ඔය එන්නේ හොදකට නෙවෙයි (දී)