IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඊජිප්තු නව ජනපති මොර්සි රජයක් පිහිටුවන්න සූදානම්

ඊජිප්තු ජනාධිපති වරණයෙන් ජයග‍්‍රහණය කළ මුස්ලිම් සහෝදරත්වය නමැති දේශපාලන පක්ෂයේ නායක මොහොමඞ් මොර්සි ඊයේ (25) ජනතාව අමතමින් කියා සිටියේ නව රජයක් පිහිටුවීමට තමන් යුහුසුළුව කටයුතු කරන බවය. ඊජිප්තු මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කර ඇත්තේ මොර්සි සියයට 51.73 ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගනිමින් ජයග‍්‍රහණය කළ බවය. මොර්සිගේ ප‍්‍රතිවාදියා වූයේ හිටපු ඊජිප්තු ජනපති හොස්නි මුබාරක්ගේ රජයේ අගමැතිවරයකු වූ අහමඞ් ෂෆීක්ය. දරදඬු පාලනයක දීර්ඝ ඉතිහාසයක් ඇති ඊජිප්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡන්දයකින් ජනාධිපතිවරයකු පත් වූ පළමු අවස්ථාව මෙයයි. වෘත්තියෙන් ඉන්ජිනේරුවරයකු වන මොර්සි සිය දේශපාලන දර්ශනය හේතුවෙන් හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ගේ රජයේ දේශපාලන සිරකරුවකු ව සිටි අයෙක් ද වෙයි. මුස්ලිම් හෝ කි‍්‍රස්තියානි හෝ වේවා තමා සියලූම ඊජිප්තු වැසියන්ගේ ජනාධිපති යැයි මොර්සි රූපවාහිනිය ඔස්සේ ඊජිප්තු ජනතාව අමතමින් පැවැසීය. මොර්සි ජයග‍්‍රහණය කළ බව ඊජිප්තු මැතිවරණ කොමිසම නිල වශයෙන් නිවේදනය කළ අවස්ථාවේදී මොර්සිගේ ආධාරකරුවන් දහස් ගණනින් කයිරෝ නුවර තරීර් චතුරස‍්‍රයට රැස්වී පී‍්‍රතිඝෝෂා කළ බව වාර්තා වේ. ජනතා විරෝධතා හමුවේ පසුගිය වසරේ මාර්තු මාසයේදී හොස්නි මුබාරක් බලය අත්හැරියේ හමුදා පාලක මණ්ඩලයකට පාලනය පවරා දෙමිනි. මොර්සිගේ බලතල අඩු කිරීමට එම හමුදා පාලක මණ්ඩලය උත්සාහ කරන බවට මේ වනවිට චෝදනා එල්ල වෙමින් පවතී. එම නිසා ඊජිප්තුවේ යළිත් වරක් ගැටුම් හටගැනීමේ අවදානමක් ඇතැයි දේශපාලන විචාරකයෝ බිය පළ කරති. කයිරෝ නුවරට රැස්ව ප‍්‍රීති ඝෝෂා කරන ඊජිප්තු වැසියෝනව ජනපති මොර්සි



අදහස් (0)

ඊජිප්තු නව ජනපති මොර්සි රජයක් පිහිටුවන්න සූදානම්

Tuesday, 26 June 2012 01:41 PM

ඊස්‍රායලය වෙව්ලනවලු.....

:       0       0

මධු Tuesday, 26 June 2012 02:31 PM

ගහල බලමු ද ඊශ්ට්‍රයල් වල ට ? වෙව්ලනවද නැද්ද බලන්න ?

:       0       0

අමරා Wednesday, 27 June 2012 09:30 AM

නීතිගරුක හොද නායකයෙක් වේවා!

:       0       0

සුසිල් Wednesday, 27 June 2012 10:59 AM

මම ඉන්නෙත් ඊශ්‍රායෙල්.ඔය කියන මිනිස්සු ඊශ්‍රායෙල් ගැන දන්නෙවත් නෑ

:       0       0

සුසිල් Wednesday, 27 June 2012 12:02 PM

ලංකාවේ කෆීර් ගුවන් යානා දැන් ඊශ්‍රායලයෙන් ගෙන්නපුවා තියෙන්නේ.ඊශ්‍රායලයේ ඒවා දැන් කටුගෙට දාලා

:       0       0

කෝලිත Wednesday, 27 June 2012 12:18 AM

අපරාදේ රටේ විනාශය

:       0       0

ෂෙරීෆ් Wednesday, 27 June 2012 10:16 PM

ඒකාධිපති වාදය තුරන් වී සැමටම ප්‍රජාත්‍රන්තවාදය උදා වේවා!

:       0       0

ප්‍රසන්න Wednesday, 27 June 2012 02:26 PM

ලංකාවෙත් තව ටික කාලයකින්, කෆීර් යානා ටික ගෞරවනීය විදිහට කෞතුකාගාරයක තැන්පත් කරන්න ඉඩ තියනවා, යුද්දෙදි ඒවායෙන් ලැබුනේ කියාගන්න බැරි තරම් සහයෝගයක්, ඇමෙරිකාව එපා කියද්දී ඒවා අප රටට ලබාදුන්, මා සේවය කරනා ඉශ්රායලයටත් මගේ ආචාරය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 25 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site