IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඊජිප්තු ජනපති මොර්සි දිවුරුම් දෙයි

ඊජිප්තු මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂයේ නායක මොහොමඞ් මොර්සි පෙරේදා (30) ජනපති ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ අනුව අරාබි ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රාජ්‍යය වන ඊජිප්තුවේ ප‍්‍රථම ඉස්ලාමීය ජනාධිපතිවරයා වන්නේ මොහොමඞ් මොර්සිය. දිවුරුම් දීමෙන් පසු කයිරෝ නුවර තහ්රීර් චතුරස‍්‍රයට රැස්ව සිටි දහස් ගණන් ඊජිප්තු වැසියන් අමතමින් නව ජනපතිවරයා ප‍්‍රතිඥාවක් දුන්නේ ඊජිප්තුව සිවිල් රාජ්‍යයක් බවට පත් කිරීමටත් ඊජිප්තු මුස්ලිම්වරුන්ට සහ ඊජිප්තු කි‍්‍රස්තියානුවන්ට රටේ සමඟියෙන් ජීවත් වීමට සුදුසු වාතාවරණයක් ඇති කරන බවත්ය. පසුගිය වසරේ මාර්තු මාසයේදී ‘අරාබි වසන්තය’ ඇරැඹී, ඒකාධිපතිවාදී පාලන රටාවක් ගෙන ගිය හොස්නි මුබාරක් බලයෙන් නෙරපා දැමීමට ජනතා විරෝධතාවලදී ‘මුස්ලිම් සහෝදරත්වය’ ප‍්‍රමුඛස්ථානයක් ගෙන කි‍්‍රයා කළේය. මුබාරක් බලයෙන් ඉවත් වූයේ හමුදා පාලක මණ්ඩලයකට රටේ පාලනය බාර දෙමින්ය. එම පාලක මණ්ඩලයේ බලතල අඩු කිරීමට තමන් කටයුතු කරන බවට ද නව ජනාධිපති මොහොමඞ් මොර්සි ප‍්‍රතිඥාවක් දුන්නේය. ඊජිප්තු නව ජනපති මොර්සි සිය ධුරයේ දිවුරුම් දුන් අවස්ථාව



අදහස් (0)

ඊජිප්තු ජනපති මොර්සි දිවුරුම් දෙයි

ඒ.ඒ.ඒ. Tuesday, 03 July 2012 02:22 PM

යන්තං ඇති ඊජිප්තුවට සර්යා නීතිය ගෙනාවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site