ඊජිප්තුවට ගොස් සිටින ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ගමන් කළ රථ පෙළ වට කර ගත් විරෝධතා කරුවෝ පිරිසක් පෙරේදා (15) සපත්තුවලින් සහ කුණු තක්කාලිවලින් ඊට පහර දෙන්න වූහ. හිලරි ක්ලින්ටන් ගමන් කළ රථ පෙළ විරෝධතාකරුවන්ට මැදි වූයේ ඇලෙක්සැන්ඩි‍්‍රයා නගරය බලා ගමන් කරද්දීය. ඊජිප්තුවේ දේශපාලන කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් වළකින්නැයි ද  වහාම ඊජිප්තුවෙන් පිට වී යන්නැයි ද කියමින් විරෝධතාකරුවෝ ඇමෙරිකා රාජ්‍ය ලේකම්ට බැන වදින්න වූහ. විරෝධතා කරුවන්ගේ සපත්තු සහ තක්කාලි ප‍්‍රහාරයෙන් රාජ්‍ය ලේකම් වරියට හෝ ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ට හෝ ගමන් කළ රථයට හෝ හානියක් සිදු නොවූ බව ඊජිප්තු බලධාරීහු පවසති. ඊජිප්තු ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ද සහාය ඇතිව විරෝධතා කරුවන්ගෙන් බේරී යෑමට ඇමෙරිකා රාජ්‍ය ලේකම් වරියට පැය කිහිපයක් ගත වූ බව ද වාර්තා වේ. හිලරි ක්ලින්ටන්ට අනතුරක් සිදු නොවුණ ද ඇයට ආරක්ෂාව සපයමින් ගමන් කළ ඊජිප්තු ආරක්ෂක අංශ නිලධාරීහු දෙදෙනෙක් සපත්තු සහ වතුර බෝතල් ප‍්‍රහාරයට ලක් වූහ. හිලරි ක්ලින්ටන්ට එරෙහිව ඊජිප්තු වැසියන්ගෙන් විරෝධයක් එල්ල වන්නට පටන් ගත්තේ ඇය ඉකුත් සෙනසුරාදා (14) කයිරෝ අගනුවරට පැමිණි අවස්ථාවේ සිටය. කයිරෝ අගනුවර ඇය නැවැතී සිටි හෝටලය ඉදිරිපිට රැුස්වූ විරෝධතා කරුවෝ ඇයට පරිභව කරමින් ඝෝෂා කරන්නට වූහ. ඇමෙරිකා රාජ්‍ය ලේකම් වරිය ඊජිප්තුවට පැමිණියේ එරට නව ඉස්ලාමීය ජනපති මොර්සි සහ රටේ පාලන බලය හිමි උත්තරීතර හමුදා පාලක මණ්ඩලය අතර පවතින අර්බුදය විසඳීමට මැදිහත් වීම සඳහාය. ඇය ඊජිප්තු ජනපති මොර්සි සහ හමුදා පාලක මණ්ඩලයේ ජ්‍යේෂ්ඨයන් හමු වී සාකච්ඡා කළාය. ඇය ගමන් කළ රථ පෙරහර විරෝධතා කරුවන්ට මැදි වූයේ එම හමුවෙන් පසු ඇලෙක්සැන්ඩ‍්‍රා නගරය බලා ගමන් කරද්දීය. ඊජිප්තුවේ දේශපාලන අර්බුදයක් හට ගත්තේ පසු ගිය දා පැවැති ජනපතිවරණයෙන් මොර්සි ජයග‍්‍රහණය කර නව රජයක් පිහිටුවීමට උත්සාහ කළ අවස්ථාවේදීය. ජනපති මොර්සිගේ නව පාර්ලිමේන්තුවක් පත් කිරීමේ ක‍්‍රම වේදයට විරෝධය පළ කරමින් හමුදා පාලක මණ්ඩලය අධිකරණය හමුවට ගියේය. හමුදා පාලක මණ්ඩලයට පක්ෂව අධිකරණය තීන්දු කළේ පාර්ලිමේන්තුව පත් කිරීමේ ක‍්‍රම වේදය නීති විරෝධී බවය. එහිදී නව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ද නියෝග කෙරුණි. එවිට නව ජනපති ලෙස මොර්සි ඔහුගේ බලතල පාවිච්චි කරමින් ජනපති ආඥාවක් මගින් පාර්ලිමේන්තුව යළි කැඳැවීය. එම ජනාධිපති ආඥාව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් බල රහිත කර නැවතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියෝග කෙරුණි. හටගෙන ඇති අර්බුදය නිම කිරීමේ අරමුණින් ඊජිප්තු ජනපති මොර්සි සහ හමුදා පාලක මණ්ඩලයේ නායක හොසාම් අල් ගෙරියානී අතර ද විශේෂ සාකච්ඡා වට කිහිපයක් පසුගිය සතියේ පැවැත්විණි. ඊජිප්තු සංචාරය අවසන් කිරීමෙන් පසු ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරිය ඊයේ (16) ඊශ‍්‍රායලයට ගියාය.ප‍්‍රහාර එල්ල කළ විරෝධතාකරුවෝ ඊජිප්තු නව ජනපති මොර්සි හමුවී..