IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඊජිප්තු ගිය හිලරි ක්ලින්ටන්ට තක්කාලි - සපත්තු ප‍්‍රහාරයක්

ඊජිප්තුවට ගොස් සිටින ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ගමන් කළ රථ පෙළ වට කර ගත් විරෝධතා කරුවෝ පිරිසක් පෙරේදා (15) සපත්තුවලින් සහ කුණු තක්කාලිවලින් ඊට පහර දෙන්න වූහ. හිලරි ක්ලින්ටන් ගමන් කළ රථ පෙළ විරෝධතාකරුවන්ට මැදි වූයේ ඇලෙක්සැන්ඩි‍්‍රයා නගරය බලා ගමන් කරද්දීය. ඊජිප්තුවේ දේශපාලන කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් වළකින්නැයි ද  වහාම ඊජිප්තුවෙන් පිට වී යන්නැයි ද කියමින් විරෝධතාකරුවෝ ඇමෙරිකා රාජ්‍ය ලේකම්ට බැන වදින්න වූහ. විරෝධතා කරුවන්ගේ සපත්තු සහ තක්කාලි ප‍්‍රහාරයෙන් රාජ්‍ය ලේකම් වරියට හෝ ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ට හෝ ගමන් කළ රථයට හෝ හානියක් සිදු නොවූ බව ඊජිප්තු බලධාරීහු පවසති. ඊජිප්තු ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ද සහාය ඇතිව විරෝධතා කරුවන්ගෙන් බේරී යෑමට ඇමෙරිකා රාජ්‍ය ලේකම් වරියට පැය කිහිපයක් ගත වූ බව ද වාර්තා වේ. හිලරි ක්ලින්ටන්ට අනතුරක් සිදු නොවුණ ද ඇයට ආරක්ෂාව සපයමින් ගමන් කළ ඊජිප්තු ආරක්ෂක අංශ නිලධාරීහු දෙදෙනෙක් සපත්තු සහ වතුර බෝතල් ප‍්‍රහාරයට ලක් වූහ. හිලරි ක්ලින්ටන්ට එරෙහිව ඊජිප්තු වැසියන්ගෙන් විරෝධයක් එල්ල වන්නට පටන් ගත්තේ ඇය ඉකුත් සෙනසුරාදා (14) කයිරෝ අගනුවරට පැමිණි අවස්ථාවේ සිටය. කයිරෝ අගනුවර ඇය නැවැතී සිටි හෝටලය ඉදිරිපිට රැුස්වූ විරෝධතා කරුවෝ ඇයට පරිභව කරමින් ඝෝෂා කරන්නට වූහ. ඇමෙරිකා රාජ්‍ය ලේකම් වරිය ඊජිප්තුවට පැමිණියේ එරට නව ඉස්ලාමීය ජනපති මොර්සි සහ රටේ පාලන බලය හිමි උත්තරීතර හමුදා පාලක මණ්ඩලය අතර පවතින අර්බුදය විසඳීමට මැදිහත් වීම සඳහාය. ඇය ඊජිප්තු ජනපති මොර්සි සහ හමුදා පාලක මණ්ඩලයේ ජ්‍යේෂ්ඨයන් හමු වී සාකච්ඡා කළාය. ඇය ගමන් කළ රථ පෙරහර විරෝධතා කරුවන්ට මැදි වූයේ එම හමුවෙන් පසු ඇලෙක්සැන්ඩ‍්‍රා නගරය බලා ගමන් කරද්දීය. ඊජිප්තුවේ දේශපාලන අර්බුදයක් හට ගත්තේ පසු ගිය දා පැවැති ජනපතිවරණයෙන් මොර්සි ජයග‍්‍රහණය කර නව රජයක් පිහිටුවීමට උත්සාහ කළ අවස්ථාවේදීය. ජනපති මොර්සිගේ නව පාර්ලිමේන්තුවක් පත් කිරීමේ ක‍්‍රම වේදයට විරෝධය පළ කරමින් හමුදා පාලක මණ්ඩලය අධිකරණය හමුවට ගියේය. හමුදා පාලක මණ්ඩලයට පක්ෂව අධිකරණය තීන්දු කළේ පාර්ලිමේන්තුව පත් කිරීමේ ක‍්‍රම වේදය නීති විරෝධී බවය. එහිදී නව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ද නියෝග කෙරුණි. එවිට නව ජනපති ලෙස මොර්සි ඔහුගේ බලතල පාවිච්චි කරමින් ජනපති ආඥාවක් මගින් පාර්ලිමේන්තුව යළි කැඳැවීය. එම ජනාධිපති ආඥාව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් බල රහිත කර නැවතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියෝග කෙරුණි. හටගෙන ඇති අර්බුදය නිම කිරීමේ අරමුණින් ඊජිප්තු ජනපති මොර්සි සහ හමුදා පාලක මණ්ඩලයේ නායක හොසාම් අල් ගෙරියානී අතර ද විශේෂ සාකච්ඡා වට කිහිපයක් පසුගිය සතියේ පැවැත්විණි. ඊජිප්තු සංචාරය අවසන් කිරීමෙන් පසු ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරිය ඊයේ (16) ඊශ‍්‍රායලයට ගියාය.ප‍්‍රහාර එල්ල කළ විරෝධතාකරුවෝ ඊජිප්තු නව ජනපති මොර්සි හමුවී..  



අදහස් (0)

ඊජිප්තු ගිය හිලරි ක්ලින්ටන්ට තක්කාලි - සපත්තු ප‍්‍රහාරයක්

අමිල කටුනායක Tuesday, 17 July 2012 02:02 PM

තව හම්බවෙයි ඔහොම යං....

:       0       0

බණ්ඩා Tuesday, 17 July 2012 07:45 PM

තක්කලි නෙමෙයි ගහන්න තිබුණේ..

:       0       0

චන්ද්‍රා Wednesday, 18 July 2012 11:23 PM

තමන්ගේ රටේ ප්‍රශ්න දාහක් තියාගෙන අනුන්ගේ කුණු හෝදන්න යන අයට මේවා හොද පාඩම්...

:       0       0

අනුර Tuesday, 17 July 2012 09:23 PM

තක්කාලි හොද වැඩියි ගහන්න තිබ්බෙ කුණු බිත්තරවලින්...

:       0       0

පිලිපීනෝ Tuesday, 17 July 2012 10:34 AM

තක්කලි හොද වැඩියි

:       0       0

පුංචා Tuesday, 17 July 2012 05:08 PM

පිලිපීනෝ......පිලිපීනෝ......

:       0       0

මධු Wednesday, 18 July 2012 12:38 AM

තක්කාලි වලට හොද උත්තර හම්බ වෙයි රොත්තටම

:       0       0

තරුෂ Tuesday, 17 July 2012 11:27 AM

කුණු සපත්තු වලින් දෙන්න තිබුනෙ. ආරක්ශාවටයි කිය කිය ඇවිත් මේ මැදපෙරදිග තෙල් ටික ඔක්කොම කොල්ල කනව. මේ මෝඩයින්ට තේරෙන්නෙ නෑ

:       0       0

Tuesday, 17 July 2012 12:42 PM

ඔය යන ගමනෙදිම ඉරානය පැත්තටත් ගොඩවෙලා ගියානම්.....................

:       0       0

අලිබබා Tuesday, 17 July 2012 01:02 PM

අනතුරක් සිදු නොවුනද සපත්තු සහ කුණු තක්කාලි වලින් ලැබු අපහාස සංග්‍රහය හදවත් තුලින් තුරන්කර ගැනීමට නොහැකිය.

:       0       0

සිසිර Tuesday, 17 July 2012 01:52 PM

හොඳ වැඩේ , අනුන්ගේ වැඩ වලට අත පය දාන්න යනවට...

:       0       0

මහින්ද Tuesday, 17 July 2012 01:53 PM

මෙයාට ගහන්න තිබ්බේ කුණු බිත්තරවලින් ..අනුන්ගේ කුණු හොයන්න එනවට ..හොද වැඩේ ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1881 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site