IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඉස්ලාමීය නායකයාගේ මරණ දඬුවමට බංග්ලාදේශ වැසියන්ගේ විරෝධය

යුද අපරාධවලට චෝදනා ලැබූ ඉස්ලාමීය නායකයකුට මරණ දඬුවම නියමවීමත් සමඟ බංග්ලාදේශයේ නගර රැසක ප‍්‍රචණ්ඩකි‍්‍රයා උත්සන්න වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හටගෙන ඇති විරෝධතා ප‍්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇත. පොලිසිය හා විරෝධතාකරුවන් අතර ඊයේ ජෙනීදා පළාතේ හටගත් ගැටුම්වලින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.  උතුරුදිග බංග්ලාදේශයේ පිහිටි බොග්රා නගරයේදී විරෝධතාකරුවෝ දසදහසක් පමණ පොලිස්ථාන පහකට පහර දුන්හ. රටේ අනෙක් පළාත්වලද ආරක්ෂක අංශ සහ පොලිස් නිලධාරීන් අතර ගැටුම් හටගෙන ඇත.
ඩකා අගනුවර ඇතුළු ගැටුම් හටගෙන ඇති අනෙකුත් ප‍්‍රදේශවල ආරක්ෂාව තරකිරීම පිණිස කැරැලි මර්දන පොලිසිය හා හමුදා භටපිරිස් යොදවා ඇති බව බංග්ලාදේශ ආරක්ෂක කටයුතු අමාත්‍යාංශය පවසයි. ගැටුම් හටගත් ඉකුත් බ‍්‍රහස්පතින්දා දින සිට අද දක්වා ප‍්‍රචණ්ඩකි‍්‍රයා හේතුවෙන් මියගිය ගණන 50 දක්වා ඉහළ ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඩෙල්වාර් හුසේන් සයිඞ් නමැති ඉස්ලාමීය නායකයාට ඉකුත් බ‍්‍රහස්පතින්දා මරණ දඬුවම නියමකිරීමත් සමඟ මෙම ගැටුම් හටගත්තේය. ඒ 1971 බංග්ලාදේශ නිදහස් සටනේදී ස්තී‍්‍ර දුෂණ, වධහිංසා හා මිනීමැරුම් සිදුකළ බවට එල්ල වූ චෝදනාවලට වැරැදිකරුවීම හේතුවෙනි. මොහු එරට ජමාද් ඉස්ලාමීය සංවිධානය නියෝජනය කරන නායකයෙකි. 



අදහස් (0)

ඉස්ලාමීය නායකයාගේ මරණ දඬුවමට බංග්ලාදේශ වැසියන්ගේ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site