
පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 69 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 169 ක් බව මාධ්‍ය වාර්තා කළේය.
බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ඉස්ලාමාබාද් අගනුවර ෂෙහ්සාද් ටවුන් යන නමින් හැඳින්වෙන ප්‍රදේශයේ පිහිටි ටර්ලායි ඉමාම්බර්ගා ෂියා මුස්ලිම් පල්ලියේය.
සිකුරාදා දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි බැතිමතුන් ඉලක්ක කර ගනිමින්, බෝම්බකරු පල්ලිය ඇතුළට පැමිණ බෝම්බය පුපුරුවාගෙන ඇතැයි පාකිස්තාන ආරක්ෂකඅංශ පවසයි.
ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් බාර ගනු ලැබ නැතැයි ද පැවැසෙයි. මෙම ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් අතර පවතින විරසකයේ ප්‍රතිඵලයක් යැයි සැක කෙරේ.
'ද ටයිම්ස් ඔෆ් ඉස්ලාමාබාද්' පුවත්පත වාර්තා කළේ බෝම්බකරු පල්ලියට ඇතුළු වීමට සූදානම් වෙද්දී, ඔහු ගැන සැක සිතුණු පල්ලියේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ඔහු සෝදිසිකිරීමට තැත් කළ බවත් එම අවස්ථාවේදී ඔහු බෝම්බය පුපුරුවා ගත් බවත්ය.
තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් වෙත යොමු කෙරුණු බව පැවැසෙයි. රෝහල් ආරංචි මාර්ග පැවැසුවේ තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත්ය.
ෂියා මුස්ලිම් පල්ලියට එල්ල වුණු බෝම්බ ප්‍රහාරය හෙලා දකිමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. ඒ, මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් සොව පළ කරමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd