IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉරානයට ප‍්‍රහාරයක් එල්ල නොකරන බවට ඇමෙරිකාවට පොරොන්දු වී නැහැ

ලෝක බලවතුන් ඉරානය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා පැවැත්වෙද්දී එරටට ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් වැළැකී සිටින්නට තමන් ඇමෙරිකාවට පොරොන්දුවක් දී නැතැයි ඊශ‍්‍රායල ආරක්ෂක ඇමැති එහුඞ් බැරැක් පවසයි. ඊශ‍්‍රායලය දිගින් දිගටම කියා සිටින්නේ ඉරානය ලොවට තර්ජනයක් බවත් ලෝකයට ත‍්‍රස්තවාදය පතුරුවන බවත්ය. ඉරානය පරමාණු බෝම්බ නිපදවන බවට ඊශ‍්‍රායලය ද නිරන්තරයෙන් චෝදනා කරයි. ඊශ‍්‍රායල රජය තරයේ කියා සිටින්නේ ඉරානය මට්ටු කිරීමට නම් ප‍්‍රහාරයක් එල්ල කළ යුතු බවය. එහෙත් ඇමෙරිකාව ඊශ‍්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ සම්බාධක පනවා ඉරානය මට්ටු කිරීමට ඉඩ දෙන ලෙසටය. ඉරාන න්‍යෂ්ටික අර්බුදය විසඳිය හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් යැයි ද ඇමෙරිකාව විශ්වාස කරයි. මේ හේතුව නිසා ඉකුත් සඳුදා (16 වැනිදා) ඇමෙරිකන්, චීන, රුසියා, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශ සහ ජර්මන් නියෝජිතයන් සහ ඉරාන නියෝජිතයන් අතර ඉස්තාම්බුල් නුවරදී සාකච්ඡා වටයක් පැවැත්විණි. ඉරානය ප‍්‍රකාශ කළේ සාකච්ඡා මාර්ගයෙන් හටගෙන ඇති අර්බුදය විසඳීමට හැකිවේවි යැයි තමන් විශ්වාස කරන බවය. සාකච්ඡාවල දෙවැනි වටය ලබන සතියේදී පැවැත්වීමට නියමිත යැයි ද වාර්තා වේ. ඊශ‍්‍රායල් ආරක්ෂක ඇමැති එහුඞ්  බැරැක්



අදහස් (0)

ඉරානයට ප‍්‍රහාරයක් එල්ල නොකරන බවට ඇමෙරිකාවට පොරොන්දු වී නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site