
(බීබීසී ඇසුරිනි)
ඉරානය යළිත් වතාවක්, යුරේනියම් බලගැන්වීමක් කරන්නේ නම්, ඉරානයට පහර දීමට පසුබට නොවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, ධවල මන්දිරයේ මාධ්‍ය හමුවකදී, බීබීසී පුවත් සේවයේ මාධයවේදිනී නෝමියා ඉක්බාල් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
'සැකයක් නැහැ. ඉරානය යුරේනියම් බලගැන්වීමක් කරමින්, පරමාණු බෝම්බ නිපදවන බවට බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් කළොත්, යළිත් ඉරානයට පහර දෙන්න මා සූදානම්' යැයි ට්‍රම්ප් පැහැදිලි කළේය.
ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, ඇමෙරිකන් සහ ඉරාන නියෝජිතයන් අතරේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට සූදානම් වෙද්දී වීම ද විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුස්සක් වුණු බෝම්බ දැමීමේ දෙවැනි උත්සාහය.
හිත නිවන කතා...!
අර පාකිස්තානේ ඉන්දියන් ගුවන් යානා එන බවට ලෑස්තිවෙලා හිටියා වගේ ඉරනෙත් චීන ගුවන්යානා නාශක මිසයිල ස්ථානගත කරගෙන ලෑස්තිවෙලා ඉන්න පුළුවන්..., සමහරවිට අර යුක්රේනේ රුසියාව පුරා තිබුණු රුසියන් යුද ගුවන්යානා විනාශ කරපු ආකාරයට කලින් කුඩා ද්‍රෝන කටාර්, කුවේට්, වැනි ඇමරිකානු හමුදා කඳවුරු අසල ස්ථානගත කරලා ඒවට එකවර ප්‍රහාරයක් දෙන්න පුළුවන්... මට පෙනෙන ආකාරයට චීනය සහ රුසියාව ඉරානේ යුද උපකරණ වලින් ශක්තිමත් කරනවා ඉදිරි මාස කිහිපය තුළ...
බෝම්බ දාපල්ලා කියලා ඉරානය ඔහේ කට ඇරගෙන නිකන් බලාගෙන ඉඳියි කියලා ඩොනල්ඩ් අයියා හිතාගෙන ඉන්නේ...