මතභේදාත්මක ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සහ ලෝකයේ බලවත් රටවල් අතර විශේෂ හමුවක් ඊයේ (23& ඉරාකයේ බැග්ඩෑඞ් නුවරදී පැවැත්විණි.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් ද නැද්ද යන්න තීරණය කිරීමට ඇමෙරිකාව ද ඇතුළු ලෝකයේ බලවත් රටවල් 6 ක නියෝජිතවරු එම හමුවට සහභාගී වූහ. එම හමුව නිමිත්තෙන් බැග්ඩෑඞ් නුවරට විශේෂ ආරක්ෂාවක් ද යොදා තිබුණි.
ඉරානය මෙම හමුවට සහභාගී වන්නේ අන්තර් ජාතික පරමාණු ශක්ති ඒජන්සියේ ප‍්‍රධානී යුකියා අමානෝ ඉකුත් සඳුදා (21) ඉරානයට පැමිණ එරට න්‍යෂ්ටික කටයුතු සම්බන්ධ ප‍්‍රධානී සෙයිඞ් ජලීල් හමුවී සාකච්ඡා කිරීමෙන් ද පසුවය.
ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන කි‍්‍රයාත්මක කළේ රටේ බලශක්ති අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින්ය. එහෙත් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් චෝදනා කරන්නේ ඉරානය හොර රහසේ පරමාණු බෝම්බ නිපදවන බවටය.
ඉරානයට එරෙහිව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනැවීමට ඇමෙරිකාව, යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන ඇත්තේ ද එම නිසාය.
2025 ඔක්තෝබර් මස 08
1924
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1533
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉරානය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා බැග්ඩෑඞ් නුවරදී