
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී පහර දෙමින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කිරීමට උත්සහ දැරුවත්, ඉරානය තව මාස කීපයකින් යුරේනියම් බල ගන්වා, එම න්‍යෂ්ටික වැඩසටහන යළි ක්‍රියාවට නංවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති ආයතනයේ (IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රෝසි පවසයි.
දොළොස් දිනක් තිස්සේ පැවැති ඉරාන ඊශ්‍රායල යුද්ධය අවසන් වූයේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි, ඇමෙරිකන් හමුදාව, බෝම්බ දලා ඉරාන න්‍යෂ්ටික ඉලකක්වලට පහර දීමෙන් පසුවය. එම අවස්ථාවේදී ට්‍රම්ප් තරයේ කියා සිටියේ, ඇමෙරිකන් ප්‍රහාර හමුවේ ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් දශක ගණනාවකින් ආපස්සට තල්ලු වුණු බවය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ගහමු ගහමු ආයේ ගහමු...
කාගේ වුවමනාවකටද ඔය කියන්නේ? ලෝකයේ යුද්ධයන් නිසාම තමයි බඩවියත රැකගන්න අයද ඔය ඔත්තුව දුන්නේ . එකෙක් තව එකෙකුට ඉහලින් තම බලය අයුතු ලෙස යෙදවීම වැළැක්වූවාට පසුව පමණක් ලෝක සාමය උදාවෙන බව පමණක් මතකයේ තබාගන්න
ඇමරිකාවට විතරක් නොවෙයි ලෝකයේ අනිත් රටවල් වලටත් තමන්ගේ ආරක්ෂාව ගැන සිතන්න හා කටයුතු කරන්න අයිතියක් තියෙනවා. ඒක නොදන්නා ට්‍රම්ප්ලා නෙතන්යාලු ලා හිතාගෙන ඉන්නවා ඇත්තේ ලෝකයේ රැකෙන්න ඕනා තමන් විතරක් කියලා වෙන්න ඇති.
මුළු ලෝකයම දැන් න්‍යෂ්ටික අවි වලින් පිරී ඇත. බලවත් කියන රටවල් චන්ඩිකම් පෙන්වන්නේ න්‍යෂ්ටික අවි නැති රටවල් හමුවේ පමණයි. උතුරු කොරියාව වැනි රටවල්වලට ඇමරිකාව හෝ යුදෙව්වෝ පහරදෙන්න යන්නේ නැහැ. මේ ආකාරයේ න්‍යෂ්ටික අවි තිබීම නිසාම ලෝකයම සාමකාමීව පවතිනවා. බියක් නිසා කිසිවෙක් යුද්ධයකට පිවිසෙන්නේ නැහැ. හැම රටකටම සාමයෙන් සිටීම වඩාත් සුරක්ෂිතයි. එහෙම සාමයෙන් සිටීම අසීරුයි කියලා තීරණයක් ගනිමින් යුද්ධයක් ආරම්භ කළොත් ලෝකයම විනාශ වේවි. තෝරා ගැනීම හැම රටකටම පොදුයි