
ඉරානයේ බෝම්බ පිපිරීම් දෙකකින් 103 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.
බෝම්බ පුපුරා ගියේ, ඇමෙරිකන් ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝතානය වූ ඉරාන විප්ලවීය හමුදා ජනරාල් කසීම් සුලෙයිමානීගේ ගුණ සැමරුමක්, දකුණුදිග කෙර්මාන් නුවර, ඔහුගේ සොහොන් ගැබ අභියස පැවැත්වෙද්දීය.
කසීම් සුලෙයිමානීගේ සොහොන් ගැබ ඉදිකර ඇත්තේ ෂහේබ් අල් සාමාන් මුස්ලිම් පල්ලිය අසලය.
එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි ඉරානය චෝදනා කර තිබේ. ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් බාරගෙන නැත.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd