ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය දක්වමින් සිය රටට පනවා ඇති ආර්ථික සම්බාධක මධ්‍යයේ තමන් බටහිර බලවතුන් සමඟ අලූත් ආර්ථික යුද්ධයක පැටලී සිටින බව ඉරාන ජනපති මහමුද් අහමදිනේජාද් ඊයේ(23) පැවැසීය.
ඉරානය ආර්ථිකය බිඳ දැමීමේ අරමුණින් බටහිර රටවල් සම්බාධක රැසක් පනවා තිබුණද ඉන් තෙල් ආර්ථිකයට පමණක් බලපෑම් එල්ල වී ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාපති අහමදිනේජාද් මේ බව පැවසුවේ ඉරාන රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
‘‘තෙල් අපනයනයට බාධා එල්ල කර අපේ ආර්ථිකය බිඳ දමන්න ඔවුන් උත්සාහ කළ ද එය අසාර්ථක වී තිබෙනවා. අපි සතුරා සමඟ අලූත් ආර්ථික යුද්ධයකට මුලපුරලා තියෙනවා.’’ යැයි ද ජනාධිපතිවරයා කීය.
යුරෝපා සංගමය විසින් ඉරානයට පනවන ලද ආර්ථික සම්බාධක ඉකුත් ජූලි මාසයේදී කි‍්‍රයාවට නැංවිණි. තෙල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පැනවූ එම සම්බාධක නිසා ඉරානය ආසියානු රටවලට සිදු කළ තෙල් අපනයනය සියයට 10ත් 30ත් අතර ප‍්‍රමාණයකින් පහළ මට්ටමකට පැමිණියේය.
සම්බාධක පනවා තිබුණද රටේ ආර්ථිකය නිසිලෙස පවත්වාගෙන යාමට තමාට හැකියාව ලැබී ඇති බව පවසන අහමදිනේජාද් එය සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු ඉදිරිපත් නොකළ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉරානය බටහිර රටවල් සමඟ ‘අලූත් ආර්ථික යුද්ධයක’ පැටලී සිටිනවා
සෑම් Monday, 24 December 2012 04:59 PM
තව ටික දවසකින් මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂණ කරනකොට ලෝකෙට ඇත්ත හෙළි වේවි. (නි)
මධු Monday, 24 December 2012 12:57 PM
ආර්ථික යුද්දේ නම් ඔය ඕනෑම රටක තියෙනවා (දී)
නවුශාඩ් Monday, 24 December 2012 12:58 PM
නිර්භීත නායකයෙක් . ජය වේවා (ස)
ප්‍රසන්න Monday, 24 December 2012 08:11 PM
සෑම් හරිම අසුභවාදීව හිතන කෙනෙක්. (නි)
මුතුකුඩ Monday, 24 December 2012 02:03 PM
අන්න සැබෑ නායකත්වයක්මේවාට කියන්නේ රසරහස් කියලා. (දී)
රුවන් Monday, 24 December 2012 02:26 PM
නියම නායකයෙක්, ඔබට මගේ සුභ පැතුම් (ස)
අමිදු Thursday, 27 December 2012 09:00 PM
නියමයි. ඔබට හා ඔබ රටට ඡය! (නි)
අමිදු Thursday, 27 December 2012 09:04 PM
නියමයි ඔබට හා ඔබ රටට ඡය(නු)
නසාර් Monday, 24 December 2012 03:42 PM
තෙලේ බලේ අපිට ඇතේ... (නි)