ඊශ‍්‍රායෙලයේ අධි ආරක්ෂිත කලාපයන්හි ඡායාරූප තමන් සතුව ඇතැයි ඉරානය කියයි. මේ ඡායාරූප ඔවුන් ලබාගෙන ඇත්තේ නියමුවකු රහිතව හැසිරවිය හැකි ඩ්‍රෝන යානයක් ආධාරයෙනි. ඩ්‍රෝන යානය ඊශ‍්‍රායෙල ආරක්ෂක අංශවල ප‍්‍රහාරයට ලක්ව විනාශවීමට පෙර එයින් සම්පේ‍්‍රෂණය කළ මේ ඡයාරූප ලබාගත හැකිවි යැයි ඉරාන ආරක්ෂක අංශ පවසයි. තමන්ගේම ඩ්‍රෝන යානයක් නිපදවීමට අවශ්‍ය තාක්ෂණ දැනුම ඉරානය ලබාගෙන ඇත්තේ අල්ලාගත් ඇමරිකා ඩ්‍රෝන යානයක් ආශ‍්‍රයෙන් බව සදහන් වෙයි. තමන්ගේ ගුවන් සීමාව ආක‍්‍රමණය කළ ඩ්‍රෝන යානයකට පහරදී විනාශ කළ බව ඊශ‍්‍රායෙලයද පිළිගෙන තිබේ. ඊශ‍්‍රායෙලය ඉරානයෙට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කරයි.ඒ ඉරානයේ ක‍්‍රියාත්මක වන න්‍යෂ්ඨික වැඩසටහන නිසාය.ඊශ‍්‍රායෙලයට අනුව ඉරානය සිය සැබෑ අරමුණු සගවාගෙන සිටී. ඉරානයට දැනට පනවා ඇති සම්බාධක හා සිදු කෙරෙන සාකච්ඡා නිසාවත් ඉරානය සිය න්‍යෂ්ඨික වැඩපිළිවෙළේ සැබෑ තොරතුරු අන් රටවල් සමග හුවමාරු කර නොගන්නේ නම් ඉරානයට පහර දෙන බවට ඊශ‍්‍රායෙලය දැනටමත් අනතුරු අගවා ඇත. (කො.වී)
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින් ඉවරයක් කරලා දාන්න ඕනි ඉරානය , හිතන් ඉන්න තරම් වැඩ බෑ ඉරානයට (ස)
ඊශ්‍රායලය කන්නේ ඉරානයෙන් තමයි. (නි)
ඉරානය ලෝකෙට පිලිලයක් (ස)
මේ සියල්ල අනාගත ලෝක යුද්ධයකට සැලසුම්. (නි)
තමන්ගෙම ඩෝන යානයක් නිපදවූ ඉරානයට අපෙන් සුභ පැතුම් (අ)
කොහොමද එහෙම උනේ
අනේ මන්ද
අනතුරු අගවනවා පමණයි පහරදෙන්නේ නැහැනේ.. අපිත් බලාගෙන ඉන්නෙ පහර දෙනකම්..!(නු)
තියෙනවානම් මොනවාද කියව කියවා ඉන්නෙ.?? උවමනාදේ කළානම් ඉවරයිනේ..!(නු)
අයියෝ සල්ලි
මේවා තමයි වැඩ,ඇමරිකාවේ ගිහිල්ලත් ෆොටෝ ගන්න ඕනි (ස)
ඉරානය ඉක්මණින්පාඩමක් ඉගෙනගනීවි. (නි)
අයියෝ සල්ලි
අශාන්, කට පරිස්සම් කරගන්න. (නි)
ජය වේවා ඇමරිකා (ස)
ඉරානය අත තිබ්බ ගමන් ලෝක විනාශය එනවා. (නි)
ඉරානය නැතිවෙලාම යේවා! (නි)
ඉරානයට නෙවෙයි ගහන්ට ඕනේ සෞදි අරාබියට...ඒ ගොල්ලෝ තමා ඔක්කොම විෂ බීජ හදන්නේ ..(අ)
අයියෝ සල්ලි
මොනවද මේ විකාර
ලංකාවට නැහැ බැහැ නොකියා පිහිටට ඉන්නේ මුස්ලිම් රටවල් තමයි. (නි)
එකාධිපත්‍ය නැති කිරීමට ඉරානයට ශක්තිය ලැබේවා. (ස)