IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඉරාන හමුදාව තවත් ඩ්‍රෝන යානයක් බිම හෙළයි


හමුදා අභ්‍යාසයක් අතරතුරේ, සතුරු පාර්ශ්වයකට අයත් නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී බිම හෙළීමට තම හමුදාව සමත් වූ බව ඉරානය ඊයේ (24) නිවේදනය කළේය.
"අප සතුරු ඩ්‍රෝන යානයක් බිම දැම්මා. මීට කලිනුත් මෙවැනි දේ සිදුවී තිබෙනවා. ඔත්තු බලන්න ඩ්‍රෝන යානා අනවසරයෙන් අපේ ගුවන් සීමාවට ඇතුළු වෙනවා.” යැයි ඉරාන විප්ලවීය හමුදාවේ ජනරාල් හමීඞ් ෂර්කේලී පවසයි.
පහර දී බිම දැමූ එම ඩ්‍රෝන යානය ඇමෙරිකාවට අයත් එකක් දැයි ඉරානය පවසා නැත. ඇමෙරිකාවේ යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය කියා සිටින්නේ ඉරානය තමන් සතු ඩ්‍රෝන යානයකට පහර දීමක් සිදු කර නැති බවය.
දිනෙන් දින දියුණු වෙමින් පවතින ඉරානයේ න්‍යෂ්ටික කටයුතු සම්බන්ධයෙන් නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ඔත්තු බැලීමේ කටයුතු සිදු කරන්නේ ඇමෙරිකාවය. 
ඇමෙරිකාව අවස්ථා ගණණාවකදී ඉරානය ගැන ඔත්තු බලා ඇති අතර, ඇමෙරිකාව ඒ සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා පහර දී බිම දැමීමටත් අල්ලා ගැනීමටත් ඉරාන විප්ලවීය හමුදාව සමත් වී ඇත.
2011 වසරේ දෙසැම්බර් මාසයේදී ඇමෙරිකා හමුදාව සතු ‘ආර්.කියු. 170’ වර්ගයේ ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් අල්ලා ගැනීමට ඉරාන හමුදාව සමත්විය. ඉරාන හමුදාව එම යානය අල්ලා ගත්තේ එහි පාලනය ඔවුන් අතට ගැනීමෙනි.
එම ඩ්‍රෝන යානයේ තාක්ෂණය ලබා ගැනීමට ඉරාන විද්‍යාඥයන් සමත් ව සිටින අතර, ඔවුන් ද ඩ්‍රෝන යානා නිර්මාණ කටයුතුවලට අත ගසා තිබෙන බව වාර්තා වේ. ඊට වෙනිසියුලාවේත් චීනයේත් සහාය ඉරානයට ලැබෙන බව පැවැසෙයි.



අදහස් (0)

ඉරාන හමුදාව තවත් ඩ්‍රෝන යානයක් බිම හෙළයි

ෂිරාශ් Monday, 25 February 2013 12:41 PM

ඇමරිකාව කවදාහරි පාඩමක් ඉගෙනගන්නේ ඉරානයෙන්. (නි)

:       0       0

වීරසිංහ Monday, 25 February 2013 09:39 AM

ඇමරිකාව හිතාමතාම තම ඩ්‍රෝන යාතා ඉන්දියාවට හසුවීමට ඉඩ දී එහි ඇති සන්නිවේදන උපකරණ මගින් තොරතුරු වාර්තා ලබාගන්නවා යැයි ඇතැම් ජාත්‍යන්තර වෙබ් අඩවිවල දැක්වෙනවා. (ස)

:       0       0

වීරසිංහ Monday, 25 February 2013 02:05 PM

මෙයාලට බලය තිබුණා නම් පටන් ගනීවි හිට්ලර් වගේ. (නි)

:       0       0

රූපා Monday, 25 February 2013 02:06 PM

මෙයාලට බලය ලැබුණොත් ලෝකයම අල්ලාගන්න බලයි. (නි)

:       0       0

නිමල් Monday, 25 February 2013 02:03 PM

අපිට ඉන්දියාවෙන් තියෙන බලපෑම වගේ තමයි මැදපෙරදිග රටවලට ඉරානයෙන් බලපෑම් කරන්නේ. (නි)

:       0       0

නන්දන Monday, 25 February 2013 02:08 PM

මැදපෙරදිග ලිහිල් සංස්කෘතිය වෙනස් කරන්න බලපෑම් කරන්නේ ඉරානයයි. (නි)

:       0       0

රොෂාන් Monday, 25 February 2013 11:27 AM

ඉරානය වගේ රටවල යුධ ශක්තිය වැඩිවීම අපිට හයියක්. (නි)

:       0       0

සුනිල් Monday, 25 February 2013 03:25 PM

යුද්දය මහා බිහිසුණුයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site