බටහිර රටවල් සමඟ සබඳතා පවත්වන බවට චෝදනා ලැබ ඉකුත් ජනවාරි මාසයේදී අත්අඩංගුවට පත් ඉරාන මාධ්‍යවේදීන් 14 දෙනකුට පෙරේදා (3) නිදහස හිමිවිය.
මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඉරාන රජය කියා සිටියේ බීබීසී මාධ්‍ය ජාලයේ සහාය ඇතිව පිහිටුවන ලද මෙම මාධ්‍ය ආයතනය බටහිර බලවතුන්ට පක්ෂපාතීව කටයුතු කරන බවයි.
ජනපති අහමදිනේජාද් බලයට පැමිණි 2009 මහමැතිවරණයෙන් පසුව රටේ ඇතිවූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම මාධ්‍යවේදීන් පිරිස අත්අඩංගුවට ගත් බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන මානව හිමිකම් සංවිධාන කියා සිටියේ අත්අඩංගුවට ගෙන සිටින සියලූ මාධ්‍යවේදීන් නිදහස් කරන ලෙසයි. 2012 දෙසැම්බර් මස සිට මේ දක්වා මාධ්‍යවේදීන් 45 දෙනෙක් ඉරාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව එම සංවිධාන පෙන්වාදෙයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඉරාන මාධ්‍යවේදීන් 14කට නිදහස