IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඉරාන මැතිවරණය විවේචනය කරන්න ඇමෙරිකාවට අයිතියක් නෑ

තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ඉරාන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවේචන එල්ල කිරීමට හෝ එම කටයුතුවලට මැදිහත් වීමට හෝ ඇමෙරිකාවට කිසිදු අයිතියක් නැතැයි ඉරානයේ පිළිගත් දේශපාලන විචාරකයකු වන මොහොමඞ් මරන්දි කියයි.
මරන්දි, මේ බව කියා සිටියේ ඉරානයේ ප්‍රෙස් ටීවී සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
‘ඇමෙරිකාව කටයුතු කරන්නේ ඔවුන්ගේ වාසියටයි. ඔවුන් සෞදි අරාබියේ, ඊශ‍්‍රායලයේ, කටාර් රාජ්‍යයේ, ජෝර්දානයේ හෝ අරාබි එමීර් රාජ්‍යයේ දේශපාලන ක‍්‍රමවේදවලට විරුද්ධ නැහැ. මේ රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැහැ. සමහර රටවල ව්‍යවස්ථාවක් පවා ඇත්තේ නැහැ. දැඩිමතධාරී ආගමික ත‍්‍රස්තවාදීන් බිහි කරන්නේ ද මේ රටවල්. ඒත් ඇමෙරිකාවට ඒ ගැන තැකීමක් නැහැ’ යැයි මොහොමඞ් මරන්දි පෙන්වා දෙයි.
ඉරානයේ ඒකාධිපතිවාදී පාලන රටාව ඇමෙරිකාවේ දැඩි විවේචනයට ලක් වී ඇත. කෙසේ නමුත් මරන්දි පෙන්වා දෙන්නේ අරාබි වසන්තය ඔස්සේ ඊජිප්තුවේ හොස්නි මුබාරක්ගේ පාලනය අවසන් වන තුරුත්, ටියුනීසියාවේ බෙන් අලීගේ පාලනය අවසන් වන තුරුත් ඔවුන්ට සහාය දැක්වූයේ ඇමෙරිකාව කියාය.



අදහස් (0)

ඉරාන මැතිවරණය විවේචනය කරන්න ඇමෙරිකාවට අයිතියක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 69 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site