IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කරන්න දැන් ප‍්‍රමාදයි

ඊශ‍්‍රායලය ප‍්‍රහාරයක් එල්ල කළත්, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කිරීමට දැන් ප‍්‍රමාද වැඩි යැයි ඇමෙරිකා හමුදාපති ජෙනරාල් මාටින් ඩෙම්සි පවසයි. ඇමෙරිකානු හමුදාපති මේ බව කියා සිටියේ ලන්ඩන් නුවර පැරාලිම්පික් උළෙලට සහභාගී වූ අවස්ථාවේදීය. ඊශ‍්‍රායලය පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලෝකයට තර්ජනයක් හෙයින් ඉරානයට පහර දිය යුතුයි කියාය. ඇමෙරිකාව ඊශ‍්‍රායලයට එරෙහිව පනවා ඇති ආර්ථික සහ වෙළෙඳ සම්බාධකවලින් ඉරානය මට්ටු කළ නොහැකි යැයි ද  ඊශ‍්‍රායලය තරයේ කියා සිටී. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මේ වනවිට ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් එය කඩාකප්පල් කළ නොහැකි බවත්, එසේ ප‍්‍රහාරයක් එල්ල කළහොත් ඉරානය කඩිනමින් ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන යළි ආරම්භ කරනු ඇති බවත් ජනරාල් ඩෙම්සි අවධාරණය කරයි. නොවැම්බර් මස පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඇමෙරිකාවේ වෙසෙන යුදෙව්වරුන්ගේ ඡුන්ද දිනා ගැනීමට නම්, ජනපති බැරැක් ඔබාමාට ඊශ‍්‍රායලයේ හිත දිනා ගැනීමට සිදුවෙයි. ඇමෙරිකා හමුදාපති ජෙනරාල් මාටින් ඩෙම්සි



අදහස් (0)

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කරන්න දැන් ප‍්‍රමාදයි

ප්‍රවීන් Monday, 03 September 2012 03:00 PM

ඔය කියුවට හොයන්න ගියාම නැහැනේ (ස)

:       0       0

බණ්ඩාර Monday, 03 September 2012 04:55 PM

අපේ නවීන ආයුධ පරීක්ෂා කරන්න ඉරානය හොද තැනක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

ජගත් Monday, 03 September 2012 11:09 AM

ඒක තේරුම් ගත්ත එක හොඳයි..(ස)

:       0       0

ජගත් Monday, 03 September 2012 11:02 AM

ඒක තේරුම්ගත්ත එක හොදයි‍‍...(ස)

:       0       0

හිරා Monday, 03 September 2012 05:28 PM

මේක න්‍යෂ්ඨික යුද්ධයක් කියලා කවුද කියන්නේ? (නි)

:       0       0

රම්සි Monday, 03 September 2012 12:08 PM

ඇමරිකාව බයයි...(ස)

:       0       0

ද සිල්වා Monday, 03 September 2012 12:49 PM

ඉරාන ජනපති අතේ මොන වැරදි තිබුණත් කවදාවත් ජනතාවගේ මුදල් අයථා අන්දමින් වියදම් කරන්නේ නැහැ (නි)

:       0       0

සිල්වා Tuesday, 04 September 2012 01:17 PM

මේ දෙගොල්ලන්ම වැරදිලා. ඇමරිකාව කවදාවත් ඊශ්‍රායලයට සම්බාධක පනවන්නෙ නෑ. (ස)

:       0       0

රිස්වාන් Monday, 03 September 2012 12:48 PM

නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා. (නි)

:       0       0

සේනානායක Monday, 03 September 2012 12:55 PM

කයිවාරුව විතරයි (ස)..

:       0       0

රිෂාඩ් Monday, 03 September 2012 09:25 PM

ලෝකයට ත්‍රස්තවාදය ඇති කරලා, ත්‍රස්තවාදය බෝ කරලා , දැන් එනවා කයිවාරු ගහන්න. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 03 September 2012 11:07 PM

ඉරාකය විනාශ කරලා ඉවරයි. මේ අය කපටියි වගෙයි. (නි)

:       0       0

නුවන් Monday, 03 September 2012 02:08 PM

ඇමෙරිකාව ඊශ‍්‍රායලයට එරෙහිව පනවා ඇති ආර්ථික සහ වෙළෙඳ සම්බාධකවලින් ඉරානය මට්ටු කළ නොහැකි ඇයි..?

:       0       0

සන්ජීව Monday, 03 September 2012 02:09 PM

ඉරානය ඕන ගේමකට ලෑස්ති උනේ ඇමරිකන් මෝඩයෝ ඉරාකෙට ගහපු දවස් වල. මේක තේරුම් ගන්න බැරි මැටි හරක් මුළු ලෝකෙම නැති ප්‍රශ්න ගොඩකට ඇදල දන්නා හදනවා.

:       0       0

අසිත Monday, 03 September 2012 02:24 PM

නුවන්ට නුවණ තිබේ. එක් කෙනෙක් ප්‍රතිචාර දැම්මහම තමයි අනෙක් අයටත් දාන්න හිතෙන්නේ. (නි)

:       0       0

සිල්වා Monday, 03 September 2012 02:36 PM

ඇහුවොත් න්‍යෂ්ටික අවි නැහැ... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 707 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17891 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site