ඉරාකයේ පුපුරා ගිය බෝම්බ මාලාවකින් පුද්ගලයින් 40 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි ඉරාක ආරංචි මාර්ග වාර්තා කරයි. තුවාල ලබා ඇති සංඛ්‍යාව 100 කට ආසන්නය. ඉරාක රජය පෙරළා දැමීමට තැත් කරන ඉස්ලාමිීය කැරලිකරුවන්් මේ ප්‍රහාර පසුපස සිටිතැයි සැක කෙරේ. සාමාන්‍ය වැසියන් ගැවැසෙන පොදු ස්ථාන ඉලක්ක කර බෝම්බ අටවා තිබී ඇත. හජ් උත්සව සමය නිසා ඉරාක වැසියන් බොහෝ දෙනා සිටින්නේ සිය නිවෙස් වලින් බැහැරව පොදු ස්ථාන වල බැවින් මරණ සංඛ්‍යාව මෙවන් ඉහළ අගයක් ගෙන තිබේ. ක්‍රීඩාංගනයක් අසල අටවා තිබූ බොම්බයක් පුපුරා ගියේ ඊයේ පෙරවරුවේදීය,එයින් කුඩා ළමයින් ඇතුළු සාමාන්‍ය වැසියන් අට දෙනකු මිය ගොස් ඇතැයි සදහන්ය.අනතුරුව සදාර් නගරයේ පොදු වෙළද පොළක් හා බස් නැවතුම් පළක් ඉලක්ක කර ගෙන කාර් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය. මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 22 කි. මේවාට අමතරව බැග්ඩෑඩ් නගරය කරා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක අටවා තිබූ තවත් බෝම්බයක් පුපුරා යාමෙන් දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා කියයි. ඉරාකයේ යුද්ධය අවසන් වී කලක් ගත වී ඇත.නමුත් පිහිටවනු ලැබූ නව රජයට එරෙහි ඉරාකයේ විවිධ ජන කොට්ඨාස වලට අයත් කැරළිකරුවන් හා ඉරාක හමුදා අතර තවදුරත් ගැටුම් ඇතිවේ. ඔවුන් සාර්ථකව මැඩ පැවැත්වීමට ඉරාක ආරක්ෂක අංශ තවමත් සමත් වී නොමැත. උත්සව සමයන්හි ඉරාක කැරලිකරුවන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා වර්ධනය වන ආකාරයක් දැක ගත හැක.පසුගිය අගොස්තු මාසයේදී සැමැරුණු රාමසාන් උත්සව සමයේ ඔවුන් එල්ල කර ප්‍රහාර වලින් මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 100 ඉක්මවීය. (කෝ වි ගු)
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද පත්තරයක්. මම කැමතියි. (නි)