වසර දෙක හමාරකට පසුව ඉරාකයේ සිදු වූ දරුණුතම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා රැල්ල ඊයේ(23) එරට ප‍්‍රදේශ රැසකින් වාර්තා වූ අතර මේ සිද්ධීන්වලින් 113දෙනකු ජීවිතක්ෂයට වූ බව ඉරාක හමුදා ප‍්‍රකාශකයෙක් පැවැසීය.
බැග්ඩෑඞ්, ටාජි, කිර්කුක් සහ මොසුල් ඇතුළු නගර 19ක සිදු වූ වෙඩිතැබීම් සහ බෝම්බ පිපිරීම්වලින් 250 දෙනකු තුවාල ලබා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ප‍්‍රහාර සම්බන්ධයෙන් වගකීම කිසිදු පාර්ශවයක් විසින් මේවන තෙක් භාරගෙන නොමැත. කෙසේ වෙතත් පසුගිය දිනවල ඉරාක නගරවලට ප‍්‍රහාර එල්ල කරන බවට අල් කයිඩාව අනතුරු අඟවා තිබුණි.
ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පිළිබඳව අදහස් දැක්වූ ඉරාක රජය පැවසුවේ ප‍්‍රහාර එල්ල වීමට මොහොතකට පෙර එරට විනිසුරුවරුන්, නීතිවේදීන් සහ ෂියා මුස්ලිම්වරුන්ට ප‍්‍රහාර එල්ල කරන බව පවසන හඬ පටයක් කිසියම් පාර්ශවයක් විසින් අන්තර්ජාලයට එක් කරනු ලැබ තිබූ බවයි.
මෙම ප‍්‍රහාර අතුරින් දරුණුතම සිදුවීම් වාර්තා වන්නේ ටාජි නගරයෙනි. එහිදී මාර්ගයක් දෙපස අටවා තිබූ බෝම්බ දෙකක් පුපුරා ගිය බවත් අනතුරුව ඊට ආසන්න ප‍්‍රදේශයකදී කාර් බෝම්බයක් පිපිරී ගිය බවත් වාර්තා වේ. ටාජි නගරයේදී එල්ල වූ මෙම ප‍්‍රහාරවලින් 42 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 40 දෙනකු තුවාල ලැබූහ.
ඇමෙරිකාව ඉරාකය ආක‍්‍රමණය කළ අවස්ථාවේදී දහස් ගණනක් වූ ඉරාක සරණාගතයෝ සිරියාවට පළා ගියහ. නමුත් මේ වන විට සිරියාවේ හටගෙන ඇති අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් නැවත සිය රට පැමිණෙන්නැයි එම සරණාගත පිරිස් වෙත ඉරාක රජය දන්වා තිබේ. එහි ප‍්‍රතිපලයක් ලෙස පසුගිය දින කිහිපයේදී දහස් ගණනක් වූ සරණාගත පිරිස් බස් රථ අසූවකින් නැවත ඉරාකයට පැමිණ ඇති බව එරට රජයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
ඉරාකයෙන් ඇමෙරිකානු හමුදා නික්මයාමත් සමඟ අන්තවාදී පිරිස් සහ අල් කයිඩා සංවිධානය විසින් සිවිල් වැසියන් ඉලක්ක කරගෙන එල්ල කරන ප‍්‍රහාර දිනෙන් දින සංඛ්‍යාත්මකව වැඩි වන බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ
ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර
පාප් ධුරයට තේරී පත්වුණු14 වැනි ලියෝ පාප්තුමාට විදෙස් නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවී ඇත. 14 වැනි ලියෝ පාප්තුමා බවට පත්වූයේ ඇමෙරිකන් කාදිනල් රොබට
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා, චීනය සහ රුසියාව අතරේ උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම චීන ජනාධිපතිවරයාගේ මෙම සංච
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉරාකයේ බෝම්බ පිපිරීම් - වෙඩි තැබීම්
සලීම් Wednesday, 25 July 2012 06:05 PM
එතකොට වෙන්නේ මොකක්ද? (නි)
මධු Wednesday, 25 July 2012 12:42 PM
දැන්නම් මේ කට්ටිය නැත්තටම නැතිවෙලා වගෙයි. (නි)
නිමල් Wednesday, 25 July 2012 07:17 PM
ශා මරු තව තවත් පිපිරෙන්න ඕන...(ස)
නිමල් Wednesday, 25 July 2012 07:18 PM
නියමයිනේ. මම නම් කියන්නේ තව තවත් බෝම්බ පිපිරෙන්න කියලා. (නි)
ෆාසාල් Wednesday, 25 July 2012 07:54 PM
ප්‍රසන්න මහත්තයා., ඔයා හිතන දේවල් කවදාවත් වෙන්නේ නෑ....(ස)
ෆාසාල් Wednesday, 25 July 2012 07:54 PM
ප්‍රසන්න හිතන දේ කවදාවත්ම වෙන්නේ නැතිවෙයි. (නි)
සිරිසේන Wednesday, 25 July 2012 01:46 PM
අපේ රටෙත් ඔහොම කාලයක් තිබ්බා (දී)
අහමඩ් Thursday, 26 July 2012 12:35 PM
අපි මොනතරම් වාසනාවන්තද (දී)
මධු Wednesday, 25 July 2012 09:24 PM
හොද පුවතකි. (නි)
ෂාන් Wednesday, 25 July 2012 10:11 PM
මට නම් හරිම සතුටක් දැනෙන්නේ. එයාලව සහමුලින්ම නැති වෙන්න ඕනේ. (නි)
සම්පත් Wednesday, 25 July 2012 02:58 PM
ප්‍රසන්න කියන දේත් සත්‍යයක් තියෙනවා....(ස)
ජයන්ත Thursday, 26 July 2012 07:02 AM
ප්‍රසන්න, ඔබ නිවැරදියි. (නි)
බුද්ධික Thursday, 26 July 2012 07:07 AM
මිත්‍යාදෘෂ්ඨික මිනිසුන් සිටියදී මෙවැනි සිදුවීම් වීම අරුමයක් නොවේ. (නි)
කරුණාරත්න Thursday, 26 July 2012 08:33 AM
@හිරු ඇත්තම කියන්නම්. ඒ කලේ බෝම්බයකට අහුවෙලා මලා නම් හොදයි. දැන් නොමරා මරනවා. මාරි මාරි ඉපදෙනවා. (දී)
හිරු Thursday, 26 July 2012 08:33 AM
ඔබලාට මතකද අපේ රටත් ඉස්සර ඔහොමයි (දී)
අහමඩ් Wednesday, 25 July 2012 05:20 PM
ප්‍රසන්න මල්ලී, කට පරිස්සම් කර ගත්තොත් හොදයි. (නි)