IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඉරාකයේ නගර හතරකට ‘‘බෝම්බ වැසි’’ 59ක් මරුට

මධ්‍යම ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් සහ දකුණු ඉරාකයේ පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගෙන ඊයේ(13)  එල්ල වූ බෝම්බ ප‍්‍රහාරවලින් 59 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් එරට ආරක්ෂක අංශ නිලධාරියෙක් පැවැසීය. මෙම බෝම්බ ප‍්‍රහාර එල්ල වූයේ ෂියා මුස්ලිම්වරුන්ගේ ආගමික උත්සවයක් පැවැත්වෙන අවස්ථාවකදීය. මෙම ප‍්‍රහාර එල්ල වී ඇත්තේ බැග්ඩෑඞ්, හිලා, බාර්කා,   සහ බලාඞ් යන නගරවලටය. හිලා නගරයේ අවන්හලක් ආසන්නයේදී  කාර් බෝම්බ දෙකක් පුපුරායාමෙන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඒ අතරතුර බැග්ඩෑඞ් නගරයෙන් බෝම්බ පිපිරීමේ සිදුවීම් නමයක් සහ වෙඩි තැබීමේ සිදුවීම් දෙකක් වාර්තා වූ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය. ඊට අමතරව දියාලා පළාතේ බාර්කා නගරයේ සහ බැග්ඩෑඞ් නගරයට උතුරින් පිහිටි බලාඞ් යන නගරවල සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 9 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ඉරාකය තුළ ප‍්‍රචණ්ඩකි‍්‍රයා වර්ධනයවීමට අල්කයිඩාවට සම්බන්ධ ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප‍්‍රහාර හේතු වී තිබේ. ඉස්ලාමීය සටන්කාමීන් මෙලෙස ශියා ආගමික උත්සව ඉලක්ක කරගෙන ප‍්‍රහාර එල්ල කරනුයේ අන්තවාදී ගැටුම් ඇවිළවීමේ අරමුණින් බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති. සුන්නි අන්තවාදි ඉලක්කය වී ඇත්තේ ඉරාක වැසියන්ගෙන් බහුතරයක් වන ෂියා මුස්ලිම්වරුන්ය.හිලා නගරයේ කාර් බෝම්බය පුපුරා ගිය ස්ථානය



අදහස් (0)

ඉරාකයේ නගර හතරකට ‘‘බෝම්බ වැසි’’ 59ක් මරුට

චමිල Thursday, 14 June 2012 06:12 PM

අලි බබා,ඔය කියන ඒවා හරියටම දන්නවද?ඇමෙරිකාව ගෑන මොනවද දන්නේ? කෝ සාක්ෂි?ලංකාවට ඇමෙරිකාව නෑත්නම් හෙට කන්නත් නෑ.ඇමරිකවෙන් ගිය මාසේ ගත්ත ණය කියද කියලා දන්නවද?කලින් ගත්ත ණය ගෙවල ඇති කියල හිතනවද?

:       0       0

ගාමිණි Thursday, 14 June 2012 06:36 PM

අලි බබා, ඒක එහෙමමයි

:       0       0

අලිබබා Thursday, 14 June 2012 02:14 PM

මෙය ෂියා සුන්නී ප්‍රශ්ණයක් නොවෙයි. මෙ දෙගොල්ලම ඉතා සමගියෙන් ඒ රටතුල ජීවත්වුවා. මෙ අයව භේදකරන්නේ ඇමරිකානුවා නමැති ත්‍රස්තවාදියාය. ඒ පසුපස ඉශ්‍රායලය නමැති පූසාද සිටී.තමන්ගේ අවිආයුධ වෙළදාමටත් තෙල්ටික සොරකමිකර ගැනීමටත් යොදන්නාවු එක් ක්‍රම වේදයකි...

:       0       0

චමිල් Friday, 15 June 2012 02:23 PM

චමිල 2012-06-14 18:12:05 අලි බබා,ඔය කියන ඒවා හරියටම දන්නවද?ඇමෙරිකාව ගෑන මොනවද දන්නේ? කෝ සාක්ෂි?ලංකාවට ඇමෙරිකාව නෑත්නම් හෙට කන්නත් නෑ.ඇමරිකවෙන් ගිය මාසේ ගත්ත ණය කියද කියලා දන්නවද?කලින් ගත්ත ණය ගෙවල ඇති කියල හිතනවද? මේ අනේ!!!! මේගැන ඔබත් දැනගෙන කතාකරන්න....... මෙතන ඇමරිකාවට ගැන පුරාජේරු කියන්නේ නැතිව .........

:       0       0

මංජු Thursday, 14 June 2012 05:41 PM

අලිබබාගේ කතාව හරි ඊශ්‍රායලය කඩේ යනවා ඇමරිකාවට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 554 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 716 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 296 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site