ඉරාක රජයේ තෙල් සමාගමකට ඇතුළු නගර ගණනාවකට ඊයේ(9) ප‍්‍රහාර විස්සකට ආසන්න ගණනක් එල්ල වූ අතර ඉන් 52 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 250 කට අධික පිරිසක් තුවාල ලැබූහ. මෙම ප‍්‍රහාරයත් සමඟ සැප්තැම්බර් මාසයේදී ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් මියගිය ගණන 82 දක්වා ඉහළ ගිය බව එරට ආරක්ෂක අංශ පවසයි. ප‍්‍රබලම ප‍්‍රහාරය එල්ල වූයේ බැග්ඩෑඞ් නගරයට උතුරින් පිහිටි බලාඞ් නගරය සමීපයේ ඇති හමුදා මුරපොළකටය. ඊයේ මධ්‍යම රාති‍්‍රයේදී හමුදා මුරපොළට පැමිණි තුවක්කුකරුවකු වෙඩි වරුසාවක් එල්ල කරන අතරේ තත්ත්වය පාලනයට කිරීම පිණිස එම ස්ථානයට පැමිණෙමින් සිටි භට පිරිසක් ගමන්ගත් රථයක් මාර්ගය අසල අටවා තිබූ බෝම්බයකට ගොදුරු විය. එම සිද්ධියෙන් මියගිය 11 දෙනා අතර හමුදා නිලධාරීන් දෙදෙනකු ද සිටින බව ඉරාක හමුදා ප‍්‍රකාශකයෙක් පැවැසීය. උතුරු ඉරාකයේ කිර්කුක් නගරයේ පිහිටි එරට රජයට අයත් තෙල් සමාගමක් ඉදිරිපිටදී තවත් කාර් බෝම්බයක් පුපුරා ගොස් ඇත. ඉන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 17ක් තුවාල ලබා ඇතැයි ඉරාක ආරක්ෂක අංශ පවසයි. ඊට අමතරව ටුස් කුමාර්ටු, බස්රා, නසිරියා, ටල් අෆාර් සහ සමාරා යන නගරවලින් ද ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වාර්තා වූ බවත් මෙම ප‍්‍රහාරවලට වගකිවයුත්තේ ඉරාකයේ කි‍්‍රයාත්මක ආගමික අන්තවාදීන් බව ඉරාක බුද්ධි අංශ සඳහන් කරයි. ඇමෙරිකා හමුදා ඉරාකය ආක‍්‍රමණය කිරීමෙන් අනතුරුව ඉරාකය තුළ සිදුවන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන්දින උත්සන්න විය. ඉකුත් අගෝස්තු මාසයේදී පමණක් ඉරාකයේ නගරවලට එල්ල වූ ප‍්‍රහාරවලින් 278 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව ඉරාක ආරක්ෂක අංශ පවසයි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉරාකයේ නගර රැසකට එල්ල වූ ප‍්‍රහාරවලින් 52 ක් මරුට
සිල්වා Monday, 10 September 2012 02:58 PM
රටකට කළ විනාශයක් (නි)