ඉරාකයේ නගර කිහිපයක ඊයේ(30) සිදු වූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් 13 දෙනකු ජීවිතක්ෂයට පත්ව 33 දෙනකු තුවාල ලබා ඇතැයි ප‍්‍රංශ පුවත්සේවය සඳහන් කරයි. මෙම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා රැල්ලත් සමඟ මේ මාසයේදී ඉරාකයේ සිදු වූ බෝම්බ පිපිරීම් සහ වෙඩිතැබීම් හේතුවෙන් මියගිය ගණන 233 දක්වාත් තුවාල ලැබූ ගණන 734 දක්වාත් ඉහළ ගිය බව එරට ආරක්ෂක අංශ පවසයි. බැග්ඩෑඞ් නුවරට උතුරින් පිහිටි ටාජි නගරයෙන් පළමු සිදුවීම වාර්තා වේ. එහිදී බෝම්බ හතරක් පුපුරා ගොස් ඇති අතර ඉන් හය දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව ඉරාක අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. බකූබා නගරයේ ගමන් කරමින් සිටි පොලිස් රථ පෙළක් ඉලක්ක කරගෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී ඇති බව ද වාර්තා වේ. ඊට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බිලි වූහ. ඒ අතර බකූබා නගර සීමාවේදී ද තවත් කාර් බෝම්බයක් පුපුරාගොස් ඇති අතර ඉන් එක් අයකු ජීවිතක්ෂයට පත්ව ඇත. බැග්ඩෑඞ් නගරයේදී තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි පහරින් පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට පත්විය. අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට එම ස්ථානයට පැමිණි ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් ඉලක්ක කරගෙන කාර් බෝම්බයක් ද පුපුරා ගොස් ඇත. එහිදී එක් අයකු ජීවිතක්ෂයට පත් වූ අතර හත්දෙනෙක් තුවාල ලැබූහ. බැග්ඩෑඩයට දකුණින් පිහිටි කුට් නගරයේදී ද කාර් බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර එම ස්ථානයේ සිටි පොලිස් කපිතාන්වරයකු සහ මේජර්වරයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ඉරාකයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානයේ සාමාජිකයන් 47ක් සහ තවත් සිරකරුවන් 102 දෙනකු ටික්රිට් නගරයේ පිහිටි සිරකඳවුරකින් පැන යාමෙන් අනතුරුව මෙම ප‍්‍රහාර එල්ල වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඉකුත් බ‍්‍රහස්පතින්දා ටික්රිට් සිරකඳවුරට මරාගෙන මැරෙන බෝම්බකරුවකු ප‍්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී එම රැඳවියන් පිරිස පලා ගොස් ඇත. ඉරාක රජයට එරෙහිව සටන් වැද සිටින අන්තවාදී පිරිස් සිරකඳවුරු, පොලිස් ස්ථාන, හමුදා මූලස්ථාන සහ රාජ්‍ය ආයතන ඉලක්ක කරගෙන එල්ල කරන ප‍්‍රහාර දිනෙන් දින උත්සන්න වෙමින් පවතින බව ඉරාක ආරක්ෂක අංශ පවසයි.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉරාකයේ නගර කීපයක බෝම්බ පිපිරේ:
සිල්වා Tuesday, 02 October 2012 02:51 AM
ඇමරිකාව කවදාද ජිනීවා මානව හිමිකම් කවුන්සලය ඉදිරියට ගෙනියන්නේ? (නි)
මධූ Monday, 01 October 2012 12:44 PM
මදී...........(ස)