අල් කයිඩා සටන්කාමීහු ඊයේ (01) ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර අධි බලැති කාර් දෙකක් පුපුරුවා හරිමින් නගරයේ පොලිස් ස්ථානයකට කඩා වැදී පහර දුන්හ. එම ප‍්‍රහාරයෙන් 19 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 35 දෙනෙක් තුවාල ලැබූහ.
සටන්කාමීන් එම ප‍්‍රහාර එල්ල කොට ඇත්තේ ඉතා සැලැසුම් සහගතව යැයි ඉරාක ආරක්ෂක අංශ පවසයි. ඔවුන් මුලින් කාර් බෝම්බ පුපුරුවා හැර ඇත.
කාර් බෝම්බ එකම වේලාවක කාර්ය බහුල වීදියක පුපුරා හැර ඇත. මගී බස් රියක් ද එක් බෝම්බයකට හසුවූ අතර එහි කුඩා දරුවන් සහ කාන්තාවන් බොහෝ දෙනකු සිටි බව ද වාර්තා වේ.
බෝම්බ පිපිරී යෑමත් සමඟ හටගත් කලබලය මැද පොලිස් සහ හමුදා නිලධාරීන් එම ස්ථානයට පැමිණෙද්දී තවත් අල් කයිඩා බෝම්බකරුවෝ දෙදෙනෙක් ඊට නුදුරින් වූ පොලිස් ස්ථානයට කඩා වැදී බෝම්බ පුපුරුවා ගත්හ.
එම බෝම්බකරුවන් දෙදෙනා පොලිස් ස්ථානයට ඇතුළු වී ඇත්තේ පොලිස් නිල ඇඳුමින් සැරසීය.
එම පොලිස් ස්ථානයේ අත්අඩංගුවට ගත් අල් කයිඩා සටන්කාමීන් කිහිප දෙනකු සිටි බවත් බෝම්බකරුවන්ගේ අරමුණ වී ඇත්තේ ඔවුන් මුදා ගැනීම බවත් ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී.
පොලිසියට ඇතුළු වූ බෝම්බකරුවන් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ඇමෙරිකා හමුදා ඉරාක සංග‍්‍රාමය අවසන් කොට ඉකුත් වසරේ ඉරාකයෙන් නික්ම යෑමෙන් පසු ප‍්‍රචණ්ඩ කි‍්‍රයා යළිත් හිස ඔසවා ඇත. ඇමෙරිකා හමුදා ඉරාකයෙන් පිටවී ගියේ රටේ ආරක්ෂක කටයුතු ඉරාක ආරක්ෂක අංශ වෙත බාරදීමෙන් අනතුරුවය.
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා මෙයට අදහස් යොමු කළා. පළවී නෑ. ඒ ඇයි?
නියමයිනේ. තව පිපිරියන් බෝම්බ ඇති වෙන්නම. (නි)
විදෙස් පුවත් නැද්ද? (නි)