IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉරාක හමුදා කඳවුරකට එල්ල වූ අල් කයිඩා ප‍්‍රහාරයෙන් 107 ක් මරුට

ඉරාකයේ බැග්ඩෑඞ් නුවර හමුදා කඳවුරකට ඊයේ (23) උදෑසන කඩා වැදුණු අල් කයිඩා සටන්කාමීන් පිරිසක් එල්ල කළ ප‍්‍රහාරවලින් ඉරාක සෙබළු 107 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 74 දෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රහාරය එල්ල වූයේ බැග්ඩෑඞ් අගනුවරට නුදුරින් පිහිටි බලාද් හමුදා කඳවුරටය. සටන්කාමීන්  හිටිහැටියේ කඳවුර වටළමින් ඊට කඩා වැදී පහර දුන්නේ ආරක්ෂාවට සිටි සෙබළුන්ට අත් බෝම්බවලින් දමා ගසමින්ය. එය ඉතා සැලැසුම් සහගතව සිදු කළ ප‍්‍රහාරයක් යැයි ඉරාක ආරක්ෂක අංශ පවසයි. ප‍්‍රහාර එල්ල කොට පැය කීපයක් ගත වෙද්දී අල් කයිඩා සංවිධානය එහි වගකීම භාර ගත් බව ද වාර්තා විය. මේ අතර පෙරේදා (22) ද ඉරාකයේ නගර කිහිපයක බෝම්බ පිපිරීම් සිදුවිය. එයින් පුද්ගලයෝ 20 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 80 දෙනෙක් තුවාල ලැබූහ. එම ප‍්‍රහාර සිදු කළේ ද අල් කයිඩා සටන්කාමීන්ය. එම බෝම්බ පුපුරා ගියේ මොසෝල්, රමාදි, මමුඩියා, මඬේන් සහ නජාෆ් යන නගරවලය. මමුඩියා නගරයේ කාර් බෝම්බ තුනක් පුපුරා ගිය අතර ඊට 11 දෙනෙක් බිලි වූහ. 38 දෙනෙක් තුවාල ලැබූහ. මමුඩියා නගරය පිහිටා ඇත්තේ බැග්ඩෑඞ් අගනුවර සිට කිලෝ මීටර් 30 ක් දුරිනි. ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හිස එසවූයේ මුස්ලිම් රාමදාන් මාසය ආරම්භයත් සමඟය. ඉරාක යුද්ධය නිමවී රටේ ආරක්ෂාව ඉරාක හමුදාවට සහ පොලිසියට බාර දී ඇමෙරිකාව ප‍්‍රමුඛ විදෙස් හමුදා නික්ම යෑමෙන් පසුව ද අල් කයිඩා සංවිධානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දක්නට නොලැබේ. පසුගිය මාසයේ පමණක් ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් 237 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන්ගේ ගණණ 603 කි.



අදහස් (0)

ඉරාක හමුදා කඳවුරකට එල්ල වූ අල් කයිඩා ප‍්‍රහාරයෙන් 107 ක් මරුට

මොහාන් Tuesday, 24 July 2012 04:14 PM

මොකද්ද හොඳ? සම්පූර්ණ වගකීම ඇමෙරිකාව විසින් ගත යුතුයි. (නි)

:       0       0

අහමඩ් Wednesday, 25 July 2012 07:29 PM

හීනෙන් තමයි ඉතිං. (නි)

:       0       0

චානක Wednesday, 25 July 2012 08:22 PM

එතකොට අපිට මොකද වෙන්නේ? (නි)

:       0       0

ජාවිඩ් Wednesday, 25 July 2012 02:06 PM

නියමයි! 'ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හිස එසවූයේ මුස්ලිම් රාමදාන් මාසය ආරම්භයත් සමඟය'. එහෙනම් ඇමෙරිකානුවන්ගේ සැළසුමට අනුව අපේ කට්ටියත් වැඩ කරනවා වගෙයි. (නි)

:       0       0

මදූ Tuesday, 24 July 2012 12:32 PM

හොඳයි.... (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 25 July 2012 09:50 AM

මුස්ලිම්වරුන් භංග වේවා! (නි)

:       0       0

අහමඩ් Thursday, 26 July 2012 02:31 PM

මම හිතන්නෙ ප්‍රසන්නට මොනවා හරි අසාධාරණයක් වෙලා ඇති. ඒකයි මෙහෙම කියවන්නේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site