රාජ්‍ය රහස් අනාවරණ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්, පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඇප නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.
ඉම්රාන්ට දූෂණ වංචා චෝදනා රැසක් එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු ද නිකුත් කර තිබේ.
කෙසේ නමුත්, මේ වනවිට වෙනත් දූෂණ චෝදනාවකට වරදකරු වී, බන්ධනාගාරගතව සිටින ඉම්රාන් ට, නිදහස හිමිවේවිද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ මොහොතේ කිසිවක් නිශ්චිතව පැවැසිය නොහැකි බව ඔහුගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
'රාජ්‍ය රහස් අනාවරණය කළැයි' ඉම්රාන්ට චෝදනා ගනු කර තිබුණේ ඇමෙරිකාවේ පාකිස්තාන තානාපතිවරයා සහ පාකිස්තන රජය අතරේ හුවමාරු වුණු රහස් කේබල් පණිවුඩයක් ප්‍රසිද්ධියට පත් කිරිමේ සිද්ධිය මුල්කොට ගනිමිනි.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉම්රාන්ට ඇප