
වසර 14 ක සිරදඬුවමක් හිමි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබී, ඉස්ලාමාබාද් අගනුවර, ඉම්රාන් ඛාන්ට අයත් නිවසේ රඳවා තැබීමට තීරණය කර ඇති බවත්, ඒ වෙනුවෙන් නිවසේ එක් කොටසක් සිරමැදිරයක් ලෙස සකස් කරන බවත් ඉස්ලාමාබාද් පොලිස්පති පවසා තිබේ.
සිර මැදිරයක් සකස් කෙරෙනු ඇත්තේ ඉස්ලාමාබාද් අගනුවර, ඉම්රාන් ඛාන්ට අයත් බානි ගාලා නිවසටය. සිර මැදිරියක් කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් කීප දෙනකු මෙන්ම පොලිස් නිලධාරීන් කීප දෙනකු ද නිවසේ රැඳවෙනු ඇති බව පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
ඉස්ලාමාබාද් අධිකරණයක් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ටත් බිරිඳ බුෂ්රා බීබීටත් වසර 14 ක සිරදඬුවම් නියම කළේ, ඉම්රාන් අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී, විදේශ නායකයන්ගෙන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් ලැබුණු ත්‍යාග, අග්‍රාමාත්‍ය ධුරයෙන් යද්දී ආපසු බාර නොදීම සම්බන්ධයෙනි.
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ටත් බිරිඳ බුෂ්රා බීබී එසේ හිමිවුණු ඇතැම් ත්‍යාග විකුණා මුදල් ලබාගෙන ඇතැයි චෝදනා එල්ල වී තිබුණු අතර එම චෝදනාවලට ද ඔවුන් දෙදෙනා වරදකරුවෝ වූහ.
ඉම්රාන් ඛාන් මේ වනවිටත්, බන්ධනාගාරගතවී සිටී. ඒ, දූෂණ චෝදනාවලට වරදකරු වීමෙනි. පසුගිය 30 වැනිදා ද ඉම්රාන් ඛාන්ට තවත් 10 වසරක සිර දඬුවමක් හිමිවිය. බිරිඳට මෙන්ම, වසර 14 ක සිර දඬුවමක් නියම වූයේ ඊට අමතරවය.
එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් තමන් වරදකාරිය යැයි බුෂ්රා බීබී පිළිගෙන ඇති අතර, ඇය ජාතික වගවීම් කාර්යාංශයේ නිලධාරීන්ට බාර වුණු බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝචනීය පුවතක්.මේ මිනිස්සු මහා මෝඩයෝ.ඉම්රාන් තමන්ට පුළුවන් කාලේ ,පුළුවන් විදියට රටට කීර්තියක් ගේනවා .ඒක තමයි එයාගේ රට වෙනුවෙන් කරන්න පුළුවන් දේ .රට හරි නැත්නම් එයාට තිබුනේ එයා කැමති හොඳ රටකට ගිහින් දැහැමින් සෙමින් ජීවත් වෙන්න .දැන් අපරාදේ .මේවා අපේ එවුන්ටත් හොඳම පාඩම්
ඒකට ලංකාවේ නාකිමයිනගෙ ගෑනිගෙ හොර වැඩ අහන්න. නඩු කාරයෝ එකීගෙ කකුල් දෙකලගට ගියා කොන්ද නමන් අනිත් ලොකුම හොරා. රටේ ජනාදිපති වෙන්න දගලනවා. මුන්ට කිසිම දඩුවමක් නැහැ. කොයිතරම් හොර වැඩ කෙරුවත්
අපේ රටේ ඔහොම නීතිය ක්‍රියාත්මක වුණා නම් මේ පල්හොරු ඔක්කෝම හිරේ...!