
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳක වන රිහාම් ඛාන් ගමන් කරමින් සිටි ඇගේ මෝටර් රථයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇත.
ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳ රිහාම් ඛාන් සමාජ ක්‍රියාකාරිනියකි. වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇය ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ද විවේචනය කරමිනි.
‘මා ඥාතියකුගේ මංගල උත්සවයට සහභාගී ආපසු එමින් සිටියා. යතුරු පැදියකින් ආ දෙදෙනකු මාගේ මෝටර් රථය වට කර වෙඩි තබා පලා ගියා. මගේ රියදුරාත් මගේ ලේකම්වරයාත් මා සමඟ සිටියා. කාටවත් අනතුරක් වුණේ නැහැ. මේක තමයි ඉම්රාන්ගේ පාකිස්තානය. අවනීතිය රජ කරනවා, මැරයෝ කිසිම බයක් සැකයක් නැතිව ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැළෙනවා.’ යැයි වන රිහාම් ඛාන් සිය ට්විටර් ගිණුම හරහා පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති දක්ෂ නිළියක් වගේ. වටකරලා වෙඩි තිබ්බා. එ්ත් කිසිවෙකුට හානියක් නැහැ. එක්කෝ වෙඩි තියන්න පැමිණ තිබෙන්නේ කණයින්... එසේත් නැත්නම් වෙඩි තැබීමට භාවිතාකර ඇත්තේ පුහුණුව සඳහා යොදාගන්නා පතරොම් විය හැකියි...