IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ උප සභාපතිනිය මරා දමයි

පාකිස්තාන මහ මැතිවරණයේදී නවාස් ෂරීෆ්ට අභියෝගයක් වූ ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක මෙන්ම එහි උප සභාපතිවරිය ද වන සාරා ෂහීද් හුසේන් පෙරේදා (18) කරච්චි නුවරදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූවාය.
ෂහීද් හුසේන් වෙඩි ප‍්‍රහාරයට ලක් වුණේ ඇගේ නිවස ඉදිරිපිටදීය. සිද්ධිය දුටුවන් පැවැසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඇයට වෙඩි තබා පලා ගිය බවය.
මැතිවරණ රැුලියක් අමතමින් සිටිද්දී, අට්ටාලයකින් ඇද වැටී ලාහෝර් නුවර රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටින ඉම්රාන් ඛාන් චෝදනා කර ඇත්තේ සාරා ෂහීද් හුසේන් ඝාතනය කළේ මුටාඩියා කුවාමී දේශපාලන පක්ෂය කියාය.
කරච්චි නුවර බලය ඇත්තේ මුටාඩියා කුවාමී දේශපාලන පක්ෂය සතුවය. පසුගිය මාස කිහිපයේ කරච්චි නුවර සිදුවුණු ප‍්‍රචණ්ඩ කි‍්‍රයා රැසක් පසුපස සිටින්නේ ද  මුටාඩියා කුවාමී පක්ෂයේ මැරයන් යැයි පොලිසිය ද කියයි.
”සාරා ෂහීද් හුසේන්, අපට සිටි දක්ෂ, අත්දැකීම් බහුල තැනැත්තියක්. අපේ පක්ෂය පිහිටුවීමේදී පුරෝගාමියකු වූයේ ද ඇයයි. ඇගේ ඝාතනය පසුපස ඉන්නේ මුටාඩියා කුවාමී පක්ෂයේ මැරයන්. ඇගේ ඝාතනයට වගකියන්න  ඕනෑ පක්ෂයේ නායක අල්තාෆ් හුසේන්” යැයි රෝහල් ඇඳේ සිට මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඉම්රාන් ඛාන් පැවැසීය.
මිනීමැරුම් චෝදනා ලැබ සිටින අල්තාෆ් හුසේන්, පාකිස්තානයෙන් පිටවී, බි‍්‍රතාන්‍ය රජයේ ආරක්ෂාව ලැබ එරට ජීවත් වෙයි. ඔහු පක්ෂයට නායකත්වය දෙන්නේ බි‍්‍රතාන්‍යයේ සිටය. අල්තාෆ් හුසේන්ට බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහය සහ ආරක්ෂාව ලැබෙන නිසා සාරා ෂහීද් හුසේන්ගේ ඝාතනයට බි‍්‍රතාන්‍ය රජය ද වගකිවයුතු යැයි හිටපු කි‍්‍රකට් තරුවක් ද වන ඉම්රාන් ඛාන් චෝදනා කර ඇත.
මුටාඩියා කුවාමී පක්ෂය පවසන්නේ තමාට අපහාස කළේ යැයි ඉම්රාන් ඛාන් ප‍්‍රමුඛ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට සූදානම් බවය.

සාරා ෂහීද් හුසේන් (මැද) ඉම්රාන් ඛාන් (වමේ) සහ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ...

 



අදහස් (0)

ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ උප සභාපතිනිය මරා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 171 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 240 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1113 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site