ලබන මැයි මාසයේ 11 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සැරසෙන, හිටපු කි‍්‍රකට් තරුවක මෙන්ම තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ නායකයා ද වන ඉම්රාන් ඛාන් ඉකුත් 23 වැනිදා ලාහෝර් නුවර පැවැත්වූ දේශපාලන රැලියට ලක්ෂ දෙකකට අධික පිරිසක් සහභාගී වූහ.
පාකිස්තාන දේශපාලන විචාරකයන් පවසන්නේ ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය පාකිස්තාන දේශපාලන කරළියට කඩා වැදුණු සුනාමියක් කියාය. ලබන මහ මැතිවරණයේදී ඉම්රාන් ඛාන් ප‍්‍රමුඛ ඔහුගේ පක්ෂයට ආසන 20 ක් හෝ 40 ක් දිනා ගැනීමට හැකිවනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
1992 කි‍්‍රකට් ලෝක කුසලානය පාකිස්තානයට හිමිකර දෙමින් කි‍්‍රකට් පිටියේ පෙරැුළි කළ ඉම්රාන් ඛාන්, පාකිස්තාන තරුණ තරුණියන්ගේ ආකර්ශණයක් වී ඇති අතර, ඔහු වටා එක් රොක් වී සිටින්නේ ද පාකිස්තානයේ තරුණ ජවයයි.
දේශපාලනයට නවකයකු වීම නිසා නිර්මාණ දේශපාලනඥයකු ද වන ඉම්රාන් ඛාන්ට ප‍්‍රධාන පාකිස්තාන නගර සෑම එකකින්ම සහාය හිමිවෙයි.
පාකිස්තානයට අයත් ඇෆ්ගන් දේශසීමාබඳ ප‍්‍රදේශවලට ඇමෙරිකා හමුදා එල්ල කරන ගුවන් ප‍්‍රහාර සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දක්වන ඉම්රාන් ඛන් පවසන්නේ පාකිස්තානය ඔවුන්ගේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගත යුතු බවය. පාකිස්තානය මිතුරකු කර ගත යුතු නමුත් වහලකු කරගත නොගත යුතු යැයි ද ඉම්රාන් ඛාන් පවසයි.
ඇමෙරිකානු ගුවන් ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් සිය විරෝධය පළ කර සිටියත්, තලේබාන් සංවිධානය ඔහුට විරෝධය පළ කරයි. ඒ, ඉම්රාන් ඛාන්ගේ සහ ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ දර්ශනය තලේබාන් සංවිධානය අනුමත නොකරයි. එම නිසා ඔහුට තලේබාන්වරුන්ගෙන් මරණ තර්ජන ද එල්ල වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉම්රාන් ඛාන්ට ජය සිකුරුයි. (නි)