
ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 14 ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 84 කි. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ තිබුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දිවි ගලවා ගැනීමේ නිලධාරීන්ට, මැදිරිවල සිරවුණු පිරිස් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. මැදිරිවල සිරවූවන් බේරා ගැනීමේ මෙහෙයුම් දිනය පුරාවට සිදුවිය.
සංඥා දෝෂයක් හේතුවෙන් එකිනෙක හැපුණේ දිගු දුර ධාවනය වන මගී දුම්රිය දෙකකි. අනතුර සිදුවූයේ ජකර්තා අගනුවරට ඔබ්බෙන් පිහිටි බෙකාසි පළාතේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd