
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලබන අගෝස්තු 1 වැනිදා සිට ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25 ක තීරුබදු පනවා ඇති බව පැවැසෙයි.
‘ඉන්දියාව අප මිතුරකු වුවද, ඔවුන්ගේ තීරු බදු ලෝකයේ ඉහළම තීරු බදු අතරින් එකක් වන බැවින්, අප වසර ගණනාවක් තිස්සේ ඔවුන් සමඟ සාපේක්ෂව අඩු ව්‍යාපාර සිදුකර ඇත්තෙමු’ යැයි ට්‍රම්ප් පවසා ඇත.
මෙම තීරණය දෙරට අතර වෙළඳ සබඳතාවලට බලපානු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ඉන්දියාව මෙතෙක් මේ පිළිබඳව නිල ප්‍රතිචාර දැක්වීමක් කර නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව අඩුම 20කටවත් අඩු කරගන්න ඕන. එහෙම වුණොත් ඉන්දියාව එක්ක ගේමක් ගහන්න පුලුවන්
ඉන්දියාවට 25යි, අපිට 30යි. එක එකා කියනවා ගිහිල්ල ට්‍රම්ප් ලොක්කා හම්බවෙලා ඕක අඩුකරගන්න කියලා. මාව එච්චර අසරණ කරන්නෙපා බොලව්. ඔය යකාගෙ නම ඇහුනත් මගේ කකුල් වෙව්ලනවා.
ඉන්දියාවේ ශ්‍රමයත් අඩුයි, විදුලි බිලත් අඩුයි, අමුද්‍රව්‍ය අඩුවට ඒ රටේ හදනවා, දැන් වෙන්නේ ලංකාවේ ඉතුරු කර්මාන්තශාලා ටිකත් ඉන්දියාවට යන එක. නිෂ්පාදන ආර්ථිකේ වලපල්ලටම...