IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඉන්දියාවේ වෙළෙඳ ගොඩනැගිල්ලක ගින්නක්

නැගෙනහිර ඉන්දියාවේ කොල්කටා නුවර මහල් හයක ගොඩනැගිල්ලක පවත්වා ගෙන ගිය අනවසර වෙළෙඳ පොළක ඊයේ (27) අලූයම හදිසියේ හටගත් ගින්නකින් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 50 කි.
ගින්න හටගත් එම ගොඩනැගිල්ල භාවිතයට නුසුදුසු යැයි පවසා කොල්කටා බලධාරීන් විසින් එය අත්හැර දමා තිබුණේ යැයි ඇතැම් පුවත් සේවා වාර්තා කර තිබුණි.
”ගින්න හටගත්තේ සුර්යා සෙන් වෙළෙඳපොළේ. වෙළෙඳ සැල් රැසක් ගින්නෙන් විනාශ වුණා. ගින්න නිවා දැමීමට පැය කීපයක් ගත වුණා.” යැයි කොල්කටා ගිනි නිවන සේවා ඇමැති ජාවඞ් ඛාන් මාධ්‍ය හමුවේ කියා සිටියේය.
ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත. ගිනි භටයන් අනුමාන කරන්නේ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හට ගන්නට ඇති බවය.
ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් 100 දෙනකු පැමිණ සිටි බව ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී.
2011 වසරේ කොල්කටාවේ රෝහලකත් 2010 වසරේ දී වෙළෙඳ සැල්වලින් පිරි වීදියකත් මහා ගින්නක් හටගත්තේය. රෝහලේ ගින්නෙන් 90 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර වීදියේ  ගින්නෙන් 43 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.



අදහස් (0)

ඉන්දියාවේ වෙළෙඳ ගොඩනැගිල්ලක ගින්නක්

තුෂාර Thursday, 28 February 2013 06:52 PM

අපිට ගරහන ඒවට ලැබෙන ප්‍රතිඵල තමයි මේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site