අග්නිදිග ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයට, නේපාලයට හා ටිබැට් දේශයට පෙරේදා (18) බලපෑ දරුණු භූමිකම්පාවෙන් මියගිය ගණන 53 දක්වා ඉහළ ගොස් ඇති අතර, දැනට එහි පවතින ධාරාණිපාත වර්ෂාව හා නායයාම් නිසා සහන සේවා කටයුතුවලට බාධා එල්ලවී ඇතැයි ඒජන්සි වාර්තා කියා සිටී. කත්මණ්ඩු නුවර බි්රතාන්ය තානාපති කාර්යාල භූමිය අසලින් ගිය පාපැදිකරුවකු හා ඔහුගේ දියනිය, තාප්පයකට යටවී මියගොස් ඇතැයි එම ආරංචිමාර්ග තවදුරටත් කියා සිටී. රිච්ටර් මාපකයේ 6.9 ලෙස සටහන්ව තිබූ මෙම ප්‍රබල භූම්කම්පාව හටගත් අවස්ථාවේ ඉන්දියාවේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ සැසිවාර පැවැති බව වාර්තාවන අතර එම ගොඩනැගිල්ල කම්පනයට ලක්වීම නිසා බියට පත් මැති ඇමැතිවරුන් සභා ගර්භයෙන් එළියට පැන ගත්හ. නායයාම් නිසාද තුවාල ලැබූ බොහෝ පිරිස් ආරෝග්‍යශාලා ගතකොට තිබේ. භූමිකම්පාවේ බලපෑම් නිසා දුරකථන මාර්ග, විදුලි රැහැන් කැඞීයාම හේතුවෙන් පණිවිඩ හුවමාරු ක්‍රම හා ගමනාගමන කටයුතු අඩාල වී තිබේ. විපතට පත් ජනතාව අතර බෙදාදීම සඳහා ආහාර හා ඖෂධ රැුගත් ගුවන් යානා දිල්ලියේ සිට බැග්ඩොඞ්රා ගුවන් තොටුපළට යවා ඇතැයි රජයේ බලධාරියෙක් පැවසීය. සහන සේවා කටයුතු සඳහා සෙබළුන් කැඳවා ඇතත්, අධික වැසි හා නායයෑම් නිසා, විපතට පත් ප්‍රදේශ කරා යාමට ඔවුන්ට නොහැකිව සිටිති. දින හතරක් තිස්සේ පවතින වර්ෂාව නිසා පාසල්, කඩ සාප්පු, කාර්යාල හා කර්මාන්ත ශාලා වසා දමා ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉන්දියාවේ භූමිකම්පාවෙන් මියගිය ගණන 53 ට නගී