IMG-LOGO

ඉන්දියාව දිගුදුර මිසයිලයක් අත්හදා බලයි

ඉන්දියාව හමුදාව න්‍යෂ්ටික යුද ශීර්ෂයක් සවි කළ හැකි දිගු දුර මිසයිලයක් සාර්ථකව අත්හදා බැලුවේය.

ඉන්දියාවේ මෙම දිගු දුර මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් චීනය විමසිල්ලෙන් පසුවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අත්හදා බැලුවේ ‘අග්නි 5’ යනුවෙන් නම් කළ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයයි.

මිසයිල අත්හදා බැලීම සිදුවූයේ ඔඩීෂා ප්‍රාන්තයට අයත් ‘අබ්දුල් කලාම්’ දූපතේ සිටය.

‘අග්නි 5’ මිසයිල අත්හදා බැලීම ඉතා සාර්ථකවූ බව නිවේදනය කළේ ඉන්දීය පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ප්‍රල්හාද් ජෝෂි ය.

අමාත්‍යවරයාගේ ට්විටර් පණිවුඩය අනුව, ‘අග්නි 5’ මිසයිලයට කිලෝ මීටර් 5,400 ක ඉලක්කයකට ඉතා නිවැරදිව යාමට හැකියාව තිබේ.

ඉන්දියාව සතු මිසයිල අතරට ‘අග්නි 5’ එක් වනු ඇත්තේ ඉන්දීය හමුදාවේ ශක්තිය තවත් වර්ධනය කර ගනිමින් යැයි ද පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ප්‍රල්හාද් ජෝෂි පැහැදිලි කර තිබේ.

ඉන්දියාව මෙසේ ‘අග්නි 5’ මිසයිලය අත්හදා බැලුවේ, චීනය සමඟ දේශ සීමා අර්බුදයක් පවතින අවස්ථාවකය.

පසුගිය 9 වැනිදා ඉන්දු චීන දේශසීමාවේ දෙරටේ සොල්දාදුවන් ගැටුම් ඇති කර ගත්තේය. ගැටුම හටගත්තේ ඉන්දියාවේ අරුණාචල් ප්‍රාන්තයට මායිම් වූ දේශසීමාවේය.

එහිදි දෙපාර්ශ්වයේම හමුදා භටයන් තුවාල ලැබූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පැවැසුවේය. ඉන්දු චීන දේශසීමාවේ අර්බුදයක් පවතින්නේ 1962 වසරේ සිටය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

ඉන්දියාව දිගුදුර මිසයිලයක් අත්හදා බලයි

Bamunuarachchi Saturday, 17 December 2022 07:16 AM

නයි පෙනේ කරනකොට ගැරඬි වළං කැබැලි උස්සනවලු. ඔය වැඩකට නැති වියදම් නොකර නරකද ඉන්දියානු වැසියන් රේල් පාරට මුහුදුවැල්ලට නොයවා වැසිකිළි සාදා දෙනවානම්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site