ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂයේ හිටපු සභාපතිවරයකු වූ බංගාරු ලක්ෂ්මන් අල්ලස් චෝදනාවක් මත පෙරේදා (28) එරට අධිකරණයක් මගින් සිවු වසරක සිර දඬුවමකට යටත් කරනු ලැබීය. මෙම දඬුවම පනවන ලද්දේ මෙයට වසර 11 කට පෙර ඔහු කළ වරදක් වෙනුවෙනි. ඔහු අල්ලස් ලබා ගනිද්දී මාධ්‍යවේදියෙක් එම සිද්ධිය රූගත කළේය. එම වීඩියෝ රූප රාමු පසුව ප‍්‍රසිද්ධියට පත් කෙරුණු අවස්ථාවේදී එවකට අගමැතිව සිටි අතල් බිහාරි වජ්පායිගේ රජය ඉහමත් දුෂ්කරතාවට පත්විය. බංගාරු ලක්ෂ්මන්ට (72) බරපතළ වැඩ සහිත සිරදඬුවමට අමතරව රුපියල් 100,000 ක දඩයක් ද නියම කර ඇත. ඉන්දියාවේ වත්මන් රජයට ද මේ වනවිට දූෂණ චෝදනා එල්ල වෙමින් පවතින අතර දූෂණ තුරන් කිරීමට අධිකරණ මහත් වෙහෙසක් දරයි. නීති මගින් කටයුතු කරමින්, දැඩි දඬුවම් පමුණුවමින්, දූෂණ පිටුදැකීමට උපරිම උත්සාහයක් ගන්නා බව බංගාරු ලක්ෂ්මන්ට දඬුවම් නියම කරමින් නවදිල්ලි අපරාධ අධිකරණ විනිසුරු කන්වලිජීත් අරෝරා පවසා ඇතැයි ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවේ ඉහළ පෙළේ දේශපාලනඥයෙක් සිරගෙට
නෙල්සන් Monday, 30 April 2012 06:48 PM
අපේ රටේ වගේම තමයි