ඉන්දීය රජය සමඟ අර්බුදයකට පැටැලී සිටි එරට හමුදාපති ජනරාල් විජේ කුමාර් සිං ඊයේ (31) සිය ධුරයෙන් විශ‍්‍රාම ගත්තේය.
ජනරාල් සිං (62) හමුදාපති ධුරයෙන් විශ‍්‍රාම ගත්තේ ඔහුගේ ධුර කාලය අවසන්වීම නිසාය. ඉන්දීය රාජ්‍ය සේවා නිලධාරීහු වයස අවුරුදු 62 දී විශ‍්‍රාම යැවෙති.
ධුර කාලය තවත් වසරක් දීර්ඝ කර ගැනීමට ඉකුත් ජනවාරි මාසයේ දී සිං උත්සාහ කළ ද එය අසාර්ථක විය. රජයේ වාර්තාවල දැක්වෙන පරිදි ජනරාල් සිංගේ උපන් දිනය සිදුවී ඇත්තේ 1950 වසරේ නොවැම්බර් 10 වැනිදාය.
එහෙත් සිං කියා සිටින්නේ ඔහුගේ උපන් දිනය වැරදි ලෙස සටහන් වී ඇති බවත් ඔහු උපන්නේ 1951 වසරේ නොවැම්බර් 10 වැනිදා බවත්ය.
මේ සම්බන්ධයෙන් ඔහු හමුදාවට ඇතුළත් වූ දිනයේ සිට අදාළ බලධාරීන් දැනුම්වත් කළ නමුත් එම වරද නිවැරදි නොවූ බව පවසමින් සිං ඉන්දීය රජයට එරෙහිව නඩු මඟට බැස්සේය.
ජනරාල්වරයා ඉන්දීය අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ ලබන වසර වන තෙක් ඔහුට ධුරයේ රැඳී සිටීමට අවසර දෙන ලෙසය. අධිකරණය එම පෙත්සම නිෂ්ප‍්‍රභ කළේය.
හමුදාපතිවරයාත් ඉන්දීය රජයත් අතර හොඳ හිත පළුඳු වූයේ එම සිදුවීමෙන් පසුවය. මීට මාසයකට පමණ පෙර හමුදාපතිවරයා හමුදාවේ අඩුපාඩුකම් පිළිබඳ අගමැති මන්මෝහන් සිංට යැවූ රහස් ලිපියක් මාධ්‍යවලට නිකුත් වී ප‍්‍රසිද්ධ වීමෙන් ද අර්බුදයක් හට ගත්තේය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අපිට මොකද?
නිලයට බලයට කෑදරේ කෙනෙක්..
ෆොන්සේකා වගේ කෙනෙක්
ෆොන්සේකා මහත්තය වගේ කෙනෙක්
මේ ජෙනරාල් තුමත් දේශපාලනයට එයිද දන්නෑ....
" අපේ අසල්වැසියොනේ . අඩු වැඩි ලෙස තියෙන්නේ එකම පුරුදු තමයි..හැබැයි ආවොත් පන්නන්න බැරි ජාතියක් "
මහ ඇමතිකමක්වත් ඉල්ලයිද ?
මෙහේ වගේ හිරේට යන්න වෙයිද දන්නෑ නේ.?