
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී ඇති බැවින්, ඉන්දීය ගීත තම ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීම, පාකිස්තාක රජය තහනම් කර ඇත.
පාකිස්තාන රූපවාහිනී නාලිකා ද පවසා ඇත්තේ ඉන්දීය ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ ගීත විකාශය කිරීම නැවැත්වීමට තමන් ද තීරණය කර ඇති බවය.
මේ වනවිට ඉන්දීය සහ පාකිස්තාන හමුදා සෙබළුන් අතරේ කාශ්මීර දේශසීමාවේ වෙඩි හුවමාරු නොකඩවා සිදුවන බව ද පැවැසෙයි. කෙසේ නමුත් එම වෙඩි හුවමාරුවලින් කිසිවකුටවත් අනතුරක් සිදු වී නැත.
පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්, තමන්ට එල්ල වන චෝදනා සියල්ල බැහැර කරන බව පාකිස්තාන රජය පවසා ඇත. කෙසේ නමුත් ඉන්දියාව පවසන්නේ, පාකිස්තාන රජයේත් බුද්ධි අංශයේත් සහාය ලබන ‘ලෂ්කාර් ඊ තයිබා’ සටන්කාමීන් මෙම ප්‍රහාරයට සම්බන්ධ බවය.
මේ වනවිට ඉන්දියාව තම ගුවන් සීමාව පාකිස්තාන ගුවන් යානාවලටත්, පාකිස්තානය ඔවුන්ගේ ගුවන් සීමාව ඉන්දීය ගුවන් යානාවලටත් තහනම් කිරීමට පියවර ගෙන ඇත.
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරකයන් 26 ක් ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය 22 වැනිදාය. එම 26 දෙනාගෙන් 25 දෙනකු ඉන්දියානුවන් වූ අතර, එක් නේපාල ජාතික සංචාරකයෙක් ද සිටී.
පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හටගත් අර්බුදය සාමකාමීව විසඳා ගන්නැයි ලෝක නායකයෝ ඉන්දියාවටත් පාකිස්තානයටත් දැනුම් දී ඇත.
ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස් පවසා ඇත්තේ, පහල්ගාම් ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සෙවීමට ඉන්දියාවත් පාකිස්තානයත් හවුලේ ක්‍රියා කළ යුතු බවය.
පසුගිය 22 වැනිදා පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වෙද්දී, ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස් සිටියේ ඉන්දියාවේ නිල සංචාරයකට එක් වෙමිනි.
මේ අතර ඉන්දු පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතරේත්, ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්‍යනාත් සිං අතරේත් දුරකතන සාකච්ඡා පැවැත්විණි. එහිදී රූබියෝ සහ හෙග්සෙත් තහවුරු කළේ ඇමරිකාවේ සහාය සැමවිටම ඉන්දියාවට හිමිවන බවය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙගොල්ලෝ කවදාවත් මහා පරිමාන යුද්දෙකට යන්නේ නැහැ , මේ වගේ මෝඩ ජෝක්ස් දදා ඉඳි දෙපැත්තෙන් ම ටික කාලයක් යනකන්
රටවල් දෙකම එකතු වෙලා මේ ත්‍රස්වාදීන් අල්ලාගෙන දඬුවම් කරන්නයි ඕනේ. මේ නිකන් අහිංසක මිනිස්සු මරනවා. ත්‍රස්තවාදීන් හොඳට ජොලියේ ඉන්නවා. ලෝකේ අනිත් අයටත් මෙයාලාගේ ප්‍රශ්න නිසා කරදර. රටවල් දෙකේම සම්පත් විනාශකර ගන්නවා මේ යුද මාර්ගයට ගිහින්. මහ අයට මේවා තේරුම් කරලා දෙන්න කෙනෙක් නැති හැටි...
හින්දි සිංදු තහනම් කිරීම හුස්ම ගැනීම තහනම් කරනවා වගේ වැඩක්...