IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉන්දීය වෛද්‍ය සිසුවියට අතවර කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු දිවිනසා ගනී

23 හැවිරිදි ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවට අතවර කිරීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු රාම් සිං නමැත්තා ඊයේ (11) නවදිල්ලි නුවර රිමාන්ඞ් බාරයේ පසුවෙද්දී ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පොලිසිය පැවැසීය.
රාම් සිං දිවි නසා ගත්තේ නවදිල්ලි නුවර තිහාර් බන්ධනාගාරයේදී සිටිද්දීය. සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බව නවදිල්ලි පොලිසිය සහ තිහාර් බන්ධනාගාර බලධාරීහු පවසති.
වෛදන්‍ සිසුවිය සමූහ අතවරයටත් පහර කෑමටත් ලක් වුණේ ඉකුත් දෙසැම්බර් 16 වැනිදා රාති‍්‍රයේ බස් රියක් තුළය. බස්රියේ රියැදුරු වූයේ රාම් සිංය. 
සිසුවියට අතවර කිරීමේ සිද්ධියට රාම් සිං ඇතුළු තවත් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහි නඩු විභාගය කඩිනමින් පැවැත්වේ. 
එම සැකකකරුවන් අතරින් එක් අයකු 17 හැවිරිදි බාල වයස්කාරයෙකි. ඔහු සම්බන්ධ නඩු විභාගය වෙනම අධිකරණයක් යටතේ පැවැත්වෙයි. 
රාම් සිං ඇතුළු සැකකරුවන්ට  චෝදනා එල්ල කළ අවස්ථාවේදී ඔවුන් තරයේ කියා සිටියේ ඔවුන් නිර්දෝෂී කියාය.
වෛද්‍ය සිසුවිය සමූහ අතවරයට ලක් වී දරුණු ලෙස පහර කෑමෙන් සති දෙකකට පසු ජීවිතක්ෂයට පත්වූවාය. 
ඇයට අතවර කළ සැකකරුවන් පස් දෙනාට මරණ දඬුවම ඉල්ලා තවමත් ඉන්දියාව පුරා විරෝධතා පැවැත්වේ. 



අදහස් (0)

ඉන්දීය වෛද්‍ය සිසුවියට අතවර කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු දිවිනසා ගනී

සනත් Tuesday, 12 March 2013 03:45 AM

දැක්කාද කරුමය පටිසන් දුන්නා (දී)

:       0       0

කෝලිත Tuesday, 12 March 2013 09:35 PM

මේ මරණය කොහොම සිදුවුණත් වෙලා තියෙන්නේ නම් වියයුතුම දෙයක්. (නි)

:       0       0

භාරත Tuesday, 12 March 2013 09:36 AM

මේ‘අහිංසක ‘ දූෂකයා මළාට නීතිඥ මහත්තුරු හේතු සොයනවාලු නේද? (දී)

:       0       0

රොෂාන් Tuesday, 12 March 2013 10:16 AM

ඔවුන්ට කොහොමත් මරණ දඩුවම දියයුතුයි. (නි)

:       0       0

මලිත් Wednesday, 13 March 2013 08:46 AM

වරදට දඩුවම එයාම දීගෙන (දී)

:       0       0

රජීන්ද්‍ර Tuesday, 12 March 2013 11:50 AM

ඉතා අගනා ක්‍රියාවක් කරගෙන තියෙන්නේ. (නි)

:       0       0

අජිත් Wednesday, 13 March 2013 09:35 AM

කරුමයේ උරුමය මරණයයි. ... නියමයි ! නියමයි ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 33 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 603 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site