23 හැවිරිදි ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවට අතවර කිරීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු රාම් සිං නමැත්තා ඊයේ (11) නවදිල්ලි නුවර රිමාන්ඞ් බාරයේ පසුවෙද්දී ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පොලිසිය පැවැසීය.
රාම් සිං දිවි නසා ගත්තේ නවදිල්ලි නුවර තිහාර් බන්ධනාගාරයේදී සිටිද්දීය. සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බව නවදිල්ලි පොලිසිය සහ තිහාර් බන්ධනාගාර බලධාරීහු පවසති.
වෛදන් සිසුවිය සමූහ අතවරයටත් පහර කෑමටත් ලක් වුණේ ඉකුත් දෙසැම්බර් 16 වැනිදා රාති‍්‍රයේ බස් රියක් තුළය. බස්රියේ රියැදුරු වූයේ රාම් සිංය.
සිසුවියට අතවර කිරීමේ සිද්ධියට රාම් සිං ඇතුළු තවත් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහි නඩු විභාගය කඩිනමින් පැවැත්වේ.
එම සැකකකරුවන් අතරින් එක් අයකු 17 හැවිරිදි බාල වයස්කාරයෙකි. ඔහු සම්බන්ධ නඩු විභාගය වෙනම අධිකරණයක් යටතේ පැවැත්වෙයි.
රාම් සිං ඇතුළු සැකකරුවන්ට චෝදනා එල්ල කළ අවස්ථාවේදී ඔවුන් තරයේ කියා සිටියේ ඔවුන් නිර්දෝෂී කියාය.
වෛද්‍ය සිසුවිය සමූහ අතවරයට ලක් වී දරුණු ලෙස පහර කෑමෙන් සති දෙකකට පසු ජීවිතක්ෂයට පත්වූවාය.
ඇයට අතවර කළ සැකකරුවන් පස් දෙනාට මරණ දඬුවම ඉල්ලා තවමත් ඉන්දියාව පුරා විරෝධතා පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්කාද කරුමය පටිසන් දුන්නා (දී)
මේ මරණය කොහොම සිදුවුණත් වෙලා තියෙන්නේ නම් වියයුතුම දෙයක්. (නි)
මේ‘අහිංසක ‘ දූෂකයා මළාට නීතිඥ මහත්තුරු හේතු සොයනවාලු නේද? (දී)
ඔවුන්ට කොහොමත් මරණ දඩුවම දියයුතුයි. (නි)
වරදට දඩුවම එයාම දීගෙන (දී)
ඉතා අගනා ක්‍රියාවක් කරගෙන තියෙන්නේ. (නි)
කරුමයේ උරුමය මරණයයි. ... නියමයි ! නියමයි ! (ස)