IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය මුදල් ඇමැති මුඛර්ජි ධුරයෙන් සමුගනී

ඉන්දීය කොංග‍්‍රස් පක්ෂ රජයේ මුදල් ඇමැති ධූරය හෙබවූ ප‍්‍රණාබ් මුඛර්ජී පෙරේදා (26) සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේය. ඉන්දියාවේ ප‍්‍රවීණ දේශපාලනඥයකු මෙන්ම ඉන්දීය කොංග‍්‍රස් රජයේ ඇමැති ධුර රැුසක් හොබවා ඇති 77 හැවිරිදි වියෙහි පසුවන ප‍්‍රණාබ් මුඛර්ජී මුදල් ඇමැති ධුරයෙන් ඉවත් වූයේ ලබන ජූලි මාසයේ පැවැත්වෙන ඉන්දීය ජනපතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණින්ය. ඒ අනුව මුඛර්ජි මුදල් ඇමැති ධූරයෙන් ඉවත්වීමෙන් පසුව තාවකාලිකව ඉන්දීය මුදල් අමාත්‍යාංශයේ කටයුතු අගමැති මන්මොහන් සිං තමා යටතට ගෙන ඇති බව වාර්තා වේ. ‘මුදල් අමාත්‍යාංශයේ කටයුතු අගමැතිවරයා යටතට ගෙන තිබෙනවා. නව මුදල් ඇමැතිවරයකු පත් කිරීමට නිසි කාලය එළඹෙන තුරු මාසයක දෙකක පමණ කාලයක් ඔහු එම අමාත්‍යාංශයේ ප‍්‍රධානත්වය දරනු ඇත.’ යනුවෙන් ඉන්දීය අගමැති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ලබන ජූලි 19 වැනිදා ඉන්දීය ජනපතිවරණය පැවැත්වෙන්නේ වත්මන් ජනපතිනී ප‍්‍රතිභා පාතිල්ගේ ධුර කාලය අවසන් වීමත් සමඟය. ඉන්දියාවේ ජනපති ධුරයට පත්වුණු ප‍්‍රථම කාන්තාව වන්නේ ද ප‍්‍රතිභා පාතිල්ය. මුඛර්ජී ජනපති ධුරයට සුදුස්සකු නොවන බව කොංග‍්‍රස් රජයට සහාය දක්වන සන්ධාන පක්ෂ පවසයි. ඔවුන් පවසන්නේ අගමැති මන්මෝහන් සිං ජනපතිධුරයට සුදුස්සා කියාය.



අදහස් (0)

ඉන්දීය මුදල් ඇමැති මුඛර්ජි ධුරයෙන් සමුගනී

කිරිපණූවා Thursday, 28 June 2012 10:21 PM

මම බයේ හිටියේ මගේ නමත් ඇති කියලා ලිස්ට් එකේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 25 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site