මගීන් එකසිය විසි දෙදෙනකු ද සමග අබුඩාබි සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා ඊයේ (9) පියාසර කරමින් තිබූ ඉන්දීය ගුවන් යානයක යාන්ති‍්‍රක දෝෂයක් හට ගැනීමත් සමඟ එය පාකිස්තානයේ ගුවන් තොටුපොළකට හදිසියේ ගොඩබෑමට නියමුවන්ට සිදු විය. එයාර්බස් ‘ඒ 320’ වර්ගයේ ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් මගී යානයේ ඇන්ජිමේ සහ විද්‍යුත් පද්ධතියේ දෝෂයක් හටගෙන ඇති බව නියමුවන් දැන ගත්තේ යානය ගුවන්ගත වී පැය කිහිපයක් ගත වෙද්දීය. යානයේ දෝෂයක් ඇති බව මගීන්ටද දැනුම් දුන් නියමුවන් කියා සිටියේ කලබල නොවී තම තමන්ගේ අසුන්වල රැඳී සිටින ලෙසටය. මගීන් සන්සුන් කිරීමට යානයේ ගුවන් සේවිකාවෝ යුහුසුලූ වූහ. යානයේ දෝෂය ගැන නියමුවන් නවදිල්ලි ගුවන් තොටුපොළ බලධාරීන්ට දැනුම් දුන් අවස්ථාවේදී ඔවුන් සිද්ධිය ගැන පාකිස්තාන බලධාරීන්ට දන්වා ඇත. ඒ අනුව පාකිස්තානයේ ගුවන්තොටුපොළකට යානය ගොඩබැස්සවීමට පාකිස්තාන බලධාරීන්ගෙන් අවසර ලැබුණි. එම අවස්ථාවේදී ගුවන් යානය පියාසර කරමින් තිබුණේ දකුණු දිග පාකිස්තානයේ කරච්චි නුවර සිට කිලෝ මීටර් 230 ක් දුරින් පිහිටි නවාබ්ෂා ගුවන්තොටුපොළට නුදුරිනි. නවාබ්ෂා ගුවන්තොටුපොළ බලධාරීන් යානයේ නියමුවන්ට දන්වා ඇත්තේ තම ගුවන්තොටුපොළට යානය ගොඩබස්වන ලෙසටය. ඒ අනුව ගුවන් යානය ගොඩ බැස්සූ බවත් යානයේ කිසිවකුටවත් අනතුරක් සිදුනොවූ බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය ඉතා සුහදව පිළිගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට නවාබ්ෂා ගුවන්තොටුපොළ බලධාරීන් පියවර ගෙන ඇති නමුත් යානයේ නියමුවන් සහ මගීන් ඒ සියල්ල ප‍්‍රතික්ෂේප කළේ යැයි පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ ප‍්‍රකාශක සුල්තාන් හසන් පවසයි. පැය කීපයකට පසු යානයේ ගමන් කළ මගීන් වෙනත් ගුවන් යානයකින් නවදිල්ලි ගුවත්තොටුපොළ වෙත ගෙනයනු ලැබිණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දීය මගී යානයක් හදිසියේම පාකිස්තාන ගුවන්තොටකට
චමින්ද Tuesday, 10 July 2012 12:47 PM
"යානයේ නියමුවන් සහ මගීන් ඒ සියල්ල ප‍්‍රතික්ෂේප කළේ යැයි පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ ප‍්‍රකාශක සුල්තාන් හසන් පවසයි" මෙයාලට යානය ගොඩබස්වන්න විතරක් පුළුවන්. මෙයාලගේ තියෙන උද්දච්චකම.
නුවන් Tuesday, 10 July 2012 01:25 PM
අපරාදේ බහින්න අවසර දුන්නේ ... කොහොමත් ඉන්දියන් අය ලොකු ඔලුවෙන් තමයි ඉන්නේ ..
නුවන් Tuesday, 10 July 2012 01:25 PM
අපරාදේ බහින්න අවසර දුන්නේ ... කොහොමත් ඉන්දියන් අය ලොකු ඔලුවෙන් තමයි ඉන්නේ .
සෙමින්ද Tuesday, 10 July 2012 02:05 PM
මෙයාලගේ තියෙන අහන්කාරකම බලාන්නකෝ.....
කෝසි Tuesday, 10 July 2012 02:57 PM
ඉන්දියාවේ අයගේ තියෙන උද්දච්චකම....
අශාන් Tuesday, 10 July 2012 11:34 PM
ඉන්දියන් අයගේ ඔලුව වැඩි ...ඕක කඩ තව වටෙන්නි තිබුනේ
සරත්[.male] Tuesday, 10 July 2012 11:03 PM
ඉන්දියාවේ කට්ටියගේ ලොකුකම තාමත් අඩුවෙලා නෑ වගේ
සරත්[.male] Tuesday, 10 July 2012 11:03 PM
අපරාදේ බස්සන්න දුන්නේ අපේ රටට
අමරා Tuesday, 10 July 2012 11:39 PM
අහංකාරකමක හැටි