ඉන්දීය පාර්ලිමේන්තුවට 2001 වසරේ දෙසැම්බර් අට වැනිදා එල්ල වූ ප‍්‍රහාරයට සම්බන්ධ යැයි චෝදනා ලැබ වරදකරු වූ අෆ්තාල් ගුරුගේ මරණ දඬුවම පෙරේදා (9) උදෑසන කි‍්‍රයාත්මක වීමත් සමඟ ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ විරෝධතා උත්සන්න විය.
2004 වසරේ දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනාවලට වරදකරු වූ අෆ්තාල් ගුරු අට වසරක්ම මරණ දඬුවම නියමවූවන්ගේ ලැයිස්තුවේ සිටියේය.
ඔහු එල්ලා මරා දමන්නැයි ඉන්දු කාශ්මීර ප‍්‍රාන්ත රජයේ අනුමැතිය ඉකුත් 21 වැනිදා ඉන්දීය මධ්‍යම රජයට ලැබුණි.
මරණ දඬුවම ඉවත් කරන්නැයි අෆ්තාල් ගුරු සිය නීතීඥයන්ගේ මාර්ගයෙන් ඉන්දීය ජනාධිපති ප‍්‍රණාබ් මුකර්ජීගෙන් ඉල්ලා සිටියේ ඉකුත් 3 වැනිදාය. එම ඉල්ලීම ජනපතිවරයා විසින් ඉවත දමනු ලැබුණි. ඒ අනුව පෙරේදා උදෑසන තිහාර් බන්ධනාගාරයේ දී මරණ දඬුවම කි‍්‍රයාත්මක කෙරුණි.
2001 වසරේ දී ඉන්දීය පාර්ලිමේන්තුවට පහර දුන්නෝ ලෂ්කාර් ඊ තයිබා සටන්කාමීහුය. ඔවුන්ට ජයිෂ් ඊ මොහොම්මද් සටන්කාමී සංවිධානය ද හවුල් වූ බව පැවසේ. ඉන්දු කාශ්මීර වැසියකු වන ගුරු නවදිල්ලියේ දී අත්අඩංගුවට ගනිද්දී ඔහුගේ නවාතැනේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ද තිබී හමුවීය.
ගුරු, ජම්මු කාශ්මීර වැසියෙකි. ඔහු එල්ලා මරා දැමීමත් සමඟ කාශ්මීරයේ ගැටුම් උග‍්‍ර වෙද්දී, ගුරු වීරයකු යැයි කියන ඔහුගේ හිතවාදීන් රජයට එරෙහි විරෝධතා පෙළපාළි පැවැත් වූ අතර පොලිසියත් හමුදාවත් යොදවා එම පිරිස් විසුරුවා හැරීමට ජම්මු කාශ්මීර මහ ඇමැති ඔමාර් අබ්දුල්ලා කටයුතු කළේය. විරෝධතාකරුවන් මර්දනය කිරීමේ අරමුණින් ඉන්දු කාශ්මීරයට ඇඳිරි නීතිය ද පැනැවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මානවහිමිකම් ගැන කතා කරන්න කවුරුත් නැද්ද (දී)
මේ සිද්ධිය කාන්තාවන්ට වැදගත් වෙන්නේ මේ එල්ලා මැරීම සිදුකර ඇත්තේ කාන්තාවක් විසින් වීමයි.ඒ විම්ලා මෙහ්‍රා නම් වූ තිහාරි බන්ධනාගාරයේ ප්‍රධානියායි. මේ එල්ලා මැරීම නිසි ලෙස සිදු වූ බවත් අෆ්සාල් සාමාන්‍ය ලෙස සිටි බවත් ඔහුගේ රුධිර පීඩනය සාමාන්‍ය බවත් ඇය ප්‍රකාශ කළා.එල්ලා මැරුවේ සිරකරු සිටි කුටියේ සිට මීටර් 20ක් එපිටින් වූ ස්ථානයකයි. (නි)
එල්ලා මරනවා කියනකොට ඇඟ හිරිවැටෙනවා (දී)
ඇයි ලංකාවේ මේක ක්‍රියාත්මක කරන්න බැරි?(නදී)
එතකොට අර කියුවා වගේ කෝ මානව හිමිකම් බලපෑම් (දී)
අපේ රටේ නමි එයාට ආරක්ෂාවත් දීලා පාර්ලිමේන්තුවට යවනවා.(නදී)
ස්තුතියි චන්දුලතා.(නදී)
ඒ වැඩ හොදද (දී)
ඉන්දියන් අය ත්‍රස්තවාදීන්ට සලකන්නේ දන්නේ නැහැ. ලංකාවෙන් උදාහරණ ගන්න ඕනා. (නදී)
ලංකාවේ කලොත් තමයි මානව හිමිකම් කාරයින් කුලප්පු වෙන්නේ. කෝ මේ මානව හිමිකම් කොමසාරිස් තුමිය?(නදී)
චන්ද්‍රලතාටත් රැකියාව ගැන ආශා හිතිලා වගෙයි. (නි)
දිල්ලිවල දී සමූහ ස්ත්‍රී දූෂණය කළ ස්ත්‍රී දූෂකයන්ටත් එල්ලා මැරීම කළා නම් තමයි නියම. (නි)
ලංකාවේ වුණා නම් මෙලහකට කී දෙනෙක් කුලප්පු වෙලාද? (නි)
ඇමරිකාවට සතුටුද දන්නෙ නැහැ. (නි)
අයියෝ ගුරු (දී)
දැඩි නීතිමය තත්වයක් (දී)