ඉන්දියා ජනපතිවරණය අද (19) පැවැත්වෙන අතර එරට සභාග රජයේ හිටපු මුදල් ඇමැති ප‍්‍රණාබ් මුකර්ජි ඉන් ජයග‍්‍රහණය කරනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.
මුකර්ජි (76) කොංග‍්‍රස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ ඇමැතිවරයෙකි. ඔහු 2004 වසරේ සිට 2006 තෙක් ඉන්දීය ආරක්ෂක ඇමැති ධුරයත්, 2006 සිට 2009 දක්වා විදේශ කටයුතු ඇමැති ධුරයත් හොබවා ඇත.
මුකර්ජි ජනපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළේ ඉන්දීය අගමැති මන්මෝහන් සිං සහ කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිගේ ආරාධනය පිළිගනිමිනි.
මුදල් ඇමැති ධුරය හොබවමින් සිටි ඔහු එම ධුරයෙන් ඉල්ලා අස් වූයේ ජනපතිවරණය සඳහා නාම යෝජනා බාර දීමට සූදානම්වූ අවස්ථාවේදීය.
මුකර්ජිට අභියෝග කළ හැකි අපේක්ෂකයන් කිසිවකු නැති බවත් ඔහුට පහසුවෙන්ම ජනපතිධුරයට පත්විය හැකි බවත් ඉන්දීය දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ජනපති ධුරය සඳහා මේඝාලය ප‍්‍රාන්තයේ මහ ඇමැති පී.ඒ. සංගම් ද ඉදිරිපත් ව සිටී. ඔහු ස්වාධීන අපේක්ෂකයෙකි. ඔහු ලොක් සභාවේ හිටපු කතානායකවරයෙකි.
13 වැනි වරට ඉන්දීය ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ වත්මන් ජනපති ප‍්‍රතිභා පටෙල්ගේ නිල කාලය ජූලි මස 24 වැනිදායින් අවසන් වීම නිසාය.
ඉන්දියාවේ ජනපති ධුරයට පත් ප‍්‍රථම කාන්තාව ඇයයි. ඇය ජනපති ධුරයට පත් වූයේ 2007 වසරේ ජූලි 25 වැනිදායි.
ඉන්දියාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ එරට ජනාධිපතිවරයා නාමික රාජ්‍ය පාලකයකු වන අතර ඔහුට වඩා බලතල හිමි වන්නේ අගමැතිවරයාටය. ඉන්දියාවේ ජනපතිවරයකු පත් කර ගැනෙන්නේ සර්ව ජන ඡන්දයෙන් නොව ප‍්‍රාන්ත සභා සහ පාර්ලිමේන්තුවේ උභය මන්තී‍්‍ර මණ්ඩලවල මන්තී‍්‍රවරුන්ගේ ඡුන්දයෙනි.
අද පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡුන්ද ගණන් කිරීම ලබන 20 වැනි දා ආරම්භ වීමට නියමිත අතර එදිනම ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කරන බව ඉන්දීය මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.
ජනපතිවරණයට ප‍්‍රණාබ් මුඛර්ජී ඉදිරිපත් වන බව පැවැසීමත් සමඟ සභාග රජයේ සන්ධාන පක්ෂ ඊට විරෝධයක් පෑවේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දියා ජනාධිපතිවරණය අද
මධු Thursday, 19 July 2012 04:38 PM
ලංකාවෙ ඡන්දයට වඩා ගොඩක් සාධාරණ විදිහට තියෙයි..