IMG-LOGO

ඉන්දීය චන්ද්‍ර යානය සඳට යන්න සූදානම්

(ලුසිත ජයමාන්න)

ඉන්දියාවේ 'චන්ද්‍රයාන් 3 වික්‍රම්' රොබෝ යානය පස්වරු 6.04 ට සඳට ගොඩබෑම ආරම්භ කරනු ඇත.

යානය මිනිත්තු 20 ක අවදානම් කාලසීමාවක් තුළ සඳුගේ කක්ෂයේ සිට පහළට ගමන් කරනු ඇති බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පැහැදිලි කරයි.‍ 'චන්ද්‍රයාන් 3 වික්‍රම්' රොබෝ යානය සඳට ගොඩබෑමේ සජීවී දසුන් ප්‍රසිද්ධියට පත් කිරීමට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය  කටයුතු සූදානම් කර තිබේ.

'චන්ද්‍රයාන් 3 වික්‍රම්' යානය සඳුගේ දක්ෂිණධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකට පතිත කිරීමේ සජීවී දසුන් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය විකාශය කරනු ඇත්තේ පස්වරු 5.20 සිටය.

ඉන්දියාව පුරා ප්‍රධාන නගර රැසක පාසල් බොහොමයක මෙම කාලසීමාව තුළ විවෘතව තැබෙන බවත්, සිසුන්ට ද සජීවී දසුන් නැරඹීමට අවස්ථාව ලබා දෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

'බ්‍රික්ස්' සමුළුවට සහභාගී වීමට දකුණු අප්‍රිකාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සජීවීව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සමඟ සම්බන්ධ වෙමින්, යානයේ ගොඩබෑම නරඹනු ඇත.

ඉන්දියාව මීට පෙර 'චන්ද්‍රයාන් 2' මෙහෙයුම යටතේ ද 'වික්‍රම්' නමින් රොබෝ යානයක් සඳට පතිත කිරීමට උත්සාහ ගත්තේය.

කෙසේ නමුත් එය අසාර්ථක විය. ඒම යානය සඳට කඩා වැටුණි.

 'චන්ද්‍රයාන් 3' මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ 'චන්ද්‍රයාන් 2' මෙහෙයුමේ දී සිදුවුණු දෝෂ නිවැරදි කරමින් බව පැවැසෙයි.



අදහස් (0)

ඉන්දීය චන්ද්‍ර යානය සඳට යන්න සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 287 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 460 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site