IMG-LOGO

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරුට

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් එරට ආරක්ෂක ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් ජීවිතක්ෂයට පත්වී ඇත.

ඉන්දියාවේ ආරක්ෂක ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත්, ඔහුගේ බිරිඳ ඇතුළි 14 දෙනකු ගමන් කරමින් තිබූ හෙලිකොප්ටර් යානාය තමිල්නාඩු ප්‍රාන්තයේ කූනූර් නගරය ආසන්නයේ දී අනතුරට පත්විය.

කූනූර් නගරය ආසන්න කඳුකර ප්‍රදේශයකදී හෙලිකොප්ටර් යනාය අනතුරට පත්වී තිබේ.

ඔවුන් ගමන් කරමින් සිට ඇත්තේ එම්.අයි - 17 වී 5 (Mi-17V5) වර්ගයේ හෙලිකොප්ටර් යානයකින් වන අතර යානයේ සිටි එක් අයකු මේ වනවිට රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

මරණයට පත්වන විට ජෙනරාල් රාවත් 63 වියේ පසු වූ අතර හෙතෙම ඉන්දියාවේ පළමු මාණ්ඩලික ආරක්ෂක ප්‍රධානියා ය. හෙතෙම එම ධුරයට උස්වීම් ලැබුවේ 2019 වසරේ ජනවාරි මාසයේ දී ය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරුට

ගමේ එකාලා Wednesday, 08 December 2021 06:21 PM

උඩින් ගිය අපේ රටේ සමහර දේශපාලුවෝ මේ කතාව දැනගත්තාම සෑහෙන්න බය වෙයි. කරලා තියෙන්නේ එසේ මෙසේ වැඩද?

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 286 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 150 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1795 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site