IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ඉන්දීය අත්අඩංගුවේ සිටි පාකිස්තාන සිරකරු මරුට

ඉන්දීය ජම්මු කාශ්මිර බන්ධනාගාරයේ සිටිද්දී පහර කෑමට ලක් වූ පාකිස්තාන ජාතික රැඳෙවියකු වන 52 හැවිරිදි සානල්ලා රන්ජායි ඊයේ (9) මිය ගියේය.
රන්ජායි දරුණු ලෙස පහර කෑමට ලක් වූයේ ඉකුත් සතියේය. එම අවස්ථාවේදී බන්ධනාගාර බලධාරීහු ඔහු චන්දිගාර් නුවර රෝහලට ගෙන ගියහ.

රන්ජායි පහර කෑමට ලක් වූයේ ඉකුත් දෙවැනිදා, ඔත්තුකරුවකු යැයි පාකිස්තාන අත්අඩංගුවේ සිටි ඉන්දීය ජාතික ගොවියකු එරට ලාහෝර් නුවර බන්ධනාගාරයේදී මියයෑමේ සිද්ධියට එකට එක කිරීමක් වශයෙනි.

සරාබ්ජිත් සිං නමැති එම ගොවියා, පාකිස්තාන රජයේ අත්අඩංගුවට පත් වූයේ 1991 වසරේ දීය. ඒ ඔහු පාකිස්තානයට ගිය අවස්ථාවකදීය.  ඔත්තු බැලූ බවටත් බෝම්බ ප‍්‍රහාර හතරක් සම්බන්ධයෙනුත් ඔහුට චෝදනා එල්ල වූ අතර පාකිස්තාන අධිකරණයක් ඔහුට මරණ දඬුවම නියම කළේය.

පහර කෑමෙන් සිං තුවාල ලැබූ අවස්ථාවේ ඉන්දීය රජයත්, සිංගේ පවුලේ අයත් පාකිස්තාන රජයෙන් ඉල්ලීමක් කළේ ප‍්‍රතිකාර සඳහා සිං යළි ඉන්දියාවට එවන ලෙසටය. නමුත් පාකිස්තාන රජය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය.

 

පහර කෑමට ලක් වූ සානල්ලා රෝහල් ගත කරමින්...

 



අදහස් (0)

ඉන්දීය අත්අඩංගුවේ සිටි පාකිස්තාන සිරකරු මරුට

කුමාරි Friday, 10 May 2013 10:31 AM

මේවා කව්රු කරත් වැරදි වැඩ. ඕනදෙයක් මිනිස්සුන්ට ගහන්නේ මරන්නේ නැතිව.(නදී)

:       0       0

කුරුවිට Friday, 10 May 2013 01:33 PM

රණ්ඩු වෙන්න එපා. ඒක දෙයියන්ගේ කැමැත්ත (නි)

:       0       0

මහින්ද Saturday, 11 May 2013 06:25 AM

ඇසට ඇස දතට දත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1185 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1181 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 435 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site