IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දීය අගමැතිට ධූරයෙන් ඉවත් වන්නැයි විපක්‍ෂයෙන් බලපෑම්

ඉන්දියාවේ පතල් කර්මාන්තය සම්බන්ධයෙන් හට ගෙන ඇති අර්බුදය හේතුවෙන් අගමැති මන්මෝහන් සිං සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, ඔහු ඉල්ලා අස්වන තුරු පාර්ලිමේන්තුවේ කටයුතුවලට තමන් බාධා කරන බවත් ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසයි. ඉන්දීය රජය, කිසිදු විනිවිදභාවයකින් තොරව එරට පතල් කැණීම් කටයුතු පෞද්ගලික සමාගම්වලට පවරා දී ඇති බවත් එයින් ඉන්දීය රජයට ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුවූ බවත් ඉකුත් සිකුරාදා එළිදැක්වූ විගණන වාර්තාවක සඳහන් වෙයි. එම ගනුදෙනු සිදුවී ඇත්තේ, නිර්මල දේශපාලනඥයකු ලෙස ප‍්‍රකට මන්මෝහන් සිං (79) 2004 වසරේ සිට 2009 තෙක් කාලයේ පතල් කර්මාන්ත කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දීය. පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කරමින් විරෝධතාවට එක් ව සිටින ඉන්දීය ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක අරුන් ජෙට්ලි පවසන්නේ එම අයථා ගනුදෙනු සම්බන්ධයෙන් වගකීම බාර ගනිමින් සිං වහාම අගමැති ධුරයෙන් අස්විය යුතු බවය.



අදහස් (0)

ඉන්දීය අගමැතිට ධූරයෙන් ඉවත් වන්නැයි විපක්‍ෂයෙන් බලපෑම්

නිරෝෂි Friday, 24 August 2012 09:24 AM

බලමු මේ පාර ඉන්දියාව මොකද කියන්නේ කියලා . මොනවා උනත් මන්මෝහන් සිං ඉන්දියාවට ඕන කෙනෙක්..එයාව ආරක්ෂාකර ගත්තොත් හොඳයි.. (ස)

:       0       0

වරුණ Thursday, 23 August 2012 04:20 PM

ඉන්දියාව ඒ ගොල්ලන්ගේ පතල් වෙන අයට දීලා ලංකාවේ පතල් වලට අත දානවා. (ස)

:       0       0

සිසිර Thursday, 23 August 2012 12:05 PM

අපේ රටෙන් ආධාරයක් ගන්නකෝ..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site